උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්ට මැතිවරණ නීති අදාළ නැද්ද? (VIDEO)

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්ට මැතිවරණ නීති අදාළ නැද්ද? (VIDEO)

14 July 2020 09:47 am

උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා මර්දනය කිරීමේ රාජ්‍ය නිලධාරීන් සහභාගී වන සාකච්ජාවකට ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සහභාගී වී තිබුණේ මැතිවරණ ප්‍රචාරණයට අදාළ මුහුණු ආවරණයක් සහිතවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින සිය පුත්‍රයා වන කනක හේරත්ගේ මැතිවරණ ප්‍රචාරණයට අදාළ මුහුණු ආවරණයකුයි මහීපාල හේරත් මහතා පැළඳ සිටින්නේ. 

ආණ්ඩුකාරවරුන්ට මෙලෙස දේශාපලනික මැදිහත්වීමක් කළ නොහැකි තත්ත්වයකදී වුවද එකී නීති බැහැර කරමින් මෙකී ආණ්ඩුකාරවරයා රාජ්‍ය නිලධාරීන් සහභාගී වන රැස්වීමකට මෙලෙස පැමිණෙන්නේ කාගේ හයියෙන්ද?

මැතිවරණ නීති වලට අනුගතවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා තිබෙන පසුබිමක ඔහුගේ නියෝජිතයින් ලෙස මහීපාල හේරත්ලා මෙලෙස හැසිරීමෙන් පෙන්නුම් කරන්නේ ජනාධිපතිවරයාගේ උපදෙස් ද කට කහනවාට කියූ ඒවා පමණක් වන වගද? 

මේ සම්බන්ධයෙන් පැෆරල් සංවිධානයේ රෝහණ හෙට්ටිආරච්චි මහතා අදහස් දක්වමින් පැවසුවේ ආණ්ඩුකාරවරයාගේ ක්‍රියාව කිසිසේත්ම ගැළපෙන ක්‍රියාවක් නොවන බවයි. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවද දැනුවත් කර තිබෙන බවයි රෝහණ හෙට්ටිආරච්චි මහතා කියාසිටියේ.

ASK