මාව ඇල්ලුවෙ නැත්නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න තිබුණා - 11ක් අතුරුදන් කළ නඩුවේ විත්තිකරු කියයි !

මාව ඇල්ලුවෙ නැත්නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න තිබුණා - 11ක් අතුරුදන් කළ නඩුවේ විත්තිකරු කියයි !

26 February 2020 09:01 am

ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරමින් සිටි තමන්ව ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ක්‍රියා නොකළේ නම් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව තිබුණු බව හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා පවසයි. 

කප්පම් ගැනීම සඳහා තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කරවීම සම්බන්ධ නඩුවේ විත්තිකරුවකු වශයෙන් අධිචෝදනා ලැබ සිටින රියර් අද්මිරාල්වරයා මේ බව පැවසුවේ ඊයේ (25) දේශපාලන පළිගැනීම් පිළිබඳව සෙවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කළ කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි. 

එම පාඨමාලාව හැදෑරීම සඳහා 2014 වසරේ සැප්තැම්බර් මාසයේදී ඇමරිකාවට ගිය තමන්ව 2015 පෙබරවාරි මාසයේදී යළි මෙරටට ගෙන්වා ගත්තේ දේශපාලන පළිගැනීමක් අනුව බවයි ඒ මහතා සඳහන් කර තිබුණේ. 

කෙසේවෙතත් කප්පම් ගැනීම සඳහා තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාම පිළිබඳ සිදුකෙරුණු විමර්ශනවලදී හෙළිදරව් වී තිබුණේ එසේ පැහරගත් සිසුන් 5 දෙනෙකු ඇතුළු පිරිසක් ත්‍රිකුණාමලය ගන් සයිඩ් භූගත කඳවුරේ රඳවාගෙන සිටි බවත් එම කඳවුර බාරව සිටියේ දසනායක මහතා බවත් මෙන්ම එම සිසුන් පැමිණි මෝටර් රථය වෙනත් වර්ණයකින් පින්තාරු කර දසනායක මහතා සිය බිරිඳට උපන් දින තෑග්ගක් වශයෙන් ද දී තිබුණු බවත්ය. 

RN