ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ දිවුරුම් දීම අද රුවන්වැලි සෑය අබියස

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ දිවුරුම් දීම අද රුවන්වැලි සෑය අබියස

18 November 2019 06:28 am

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගොඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමේ උත්සවය අද (18) පෙරවරුවේ අනුරාධපුර, රුවන්වැලි සෑය අබියස මහ මළුවේදී පැවැත්වීමට නියමිතව තිබේ. 

දිවුරුම් දීමට ප්‍රථම ඒ මහතා විසින් ජය ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි සෑය වැඳපුදාගෙන ආශිර්වාද ලබාගැනීමට නියමිතව ඇති අතර දිවුරුම් දීමෙන් අනතුරුව රුවන්වැලි සෑය අබියස මහ මළුවේදී සිට ඒ මහතා ජාතිය ඇමතීමට නියමිතය. 

මෙම අවස්ථාවට ආගමික නායකයින්, පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් සහ විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.