ස්වර්ණවාහිනිය විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුව කිලී මහරාජා ශ්‍රී රංගාට භාර දෙයි!

ස්වර්ණවාහිනිය විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුව කිලී මහරාජා ශ්‍රී රංගාට භාර දෙයි!

17 October 2019 06:47 am

කිලී රාජාමහේන්ද්‍රන් සිය යටත් සහ-සැපයුම්කරු ශ්‍රී රංගා මාර්ගයෙන් 'ලයිකා ගෘෘප්' සමාගම විනිවිද යාමට සමත් ව ඇති බවට තොරතුරු වාර්තා වේ. ශ්‍රී රංගා යනු 'ශක්ති ටීවී' රූපවාහිනී නාලිකාවේ විකාශනය වන 'මිනල්' නම් දේශපාලන වැඩසටහන මෙහෙයවන නිවේදකයා ය. 

ශ්‍රී රංගා පසුගිය කාලවකවානුව තුළ ශක්ති ටීවී රූපවාහිනී නාලිකාව ඔස්සේ උතුරු නැගෙනහිර හා කඳුකර ප්‍රදේශ වල දමිළ ඡන්ද කැඩීමේ දැඩි උත්සාහයක නිරත වූ අතර, එම සියළු ප්‍රයන්තයන් අසාර්ථක විය. 

පෞද්ගලික රූපවාහිනී කලාවේ ප්‍රම්‍රඛයන් වන හිරු හා දෙරණ නාලිකාවන් රාජපක්ෂවරුන් ට සහය පළකරන බව නොරහසක් බැවින්, කිලී රාජාමහේන්ද්‍රන් ගේ අභිප්‍රාය වී ඇත්තේ වෙනත් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක බලය තමාසතු කරගැනීම බවත්, මේ සඳහා තම උපායමාර්ගය වී ඇත්තේ ලයිකා ව්‍යාපාර සමූහය තුළට රිංගා ගැනීම බවත් ආරංචිමාර්ග සඳහන් කරයි.

ලයිකා ගෘෘප් සමාගමේ අධිපති සුභාස්කරන් තම මතයට නැඹුරු කර ගැනීම කිලී මහරාජාගේ කූට සැලැස්මේ එක් පියවරක් වී තිබේ. 

බ්‍රිතාන්‍ය ලයිකා ගෘෘප් සමාගම් අධිපති සමඟ විවිධ හමුවීම් පැවැත්වීම සඳහා ශ්‍රී රංගා හට ව්‍යාපාරික පන්ති මට්ටමේ විදෙස් චාරිකා රාශියක් සඳහා මුදල් සම්පාදනය කිරීමට කිලී රාජාමහේන්ද්‍රන් කටයුතු කර ඇති අතර, ඒ තුළින් ඔහු සමඟ ශක්තිමත් හිතෛශීභාවයක් ගොඩනඟා ගැනීමට සමත් ව ඇත. මෙමඟින් ශ්‍රී රංගා හට ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති වාර්තාකරණයට බලපෑම් කිරීමේ අවස්ථාව උදාවන අතර, එම නාලිකාවේ රනිල්වාදී ස්ථාවරය රනිල් විරෝධී ස්ථාවරයක් දක්වා පරිවර්තනය කිරීමේ අවස්ථාව ඔහුට හිමිවේ. කිලී මහරාජා තම කූට න්‍යාය පත්‍රය අනුව රට පාලනය කිරීමට නම් රූකඩයක් මෙන් තම අල්ලේ නැටවෙන එජාපය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවිය යුතුමය. ඔහුගේ සැලැස්ම වී ඇත්තේ ද එයයි!

කිලී රාජාමහේන්ද්‍රන් ගේ සගයකු ලෙස හැඳින්වෙන් ආදිත්‍ය රායි නම් පුද්ගලයා ස්වර්ණවාහිනී නාලිකාවේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරයි. තවමත් සිය චේතනය කිලී රාජාමහේන්ද්‍රන් හරහා ලබා ගන්නේ යැයි පැවසෙන ආදිත්‍ය රායි වරක මහරාජා සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්ෂක ලෙස කටයුතු කර ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

ලයිකා ගෘෘප් සමාගම සමඟ මිතුදම් ඇතිකර ගැනීමත් සමඟ ශ්‍රී රංගා උපදේශකවරයෙකු ලෙස එකී සමාගමට ඇතුළු වන්නේ පරිපාලනයේ කණින් ද රිංගා යමින් අන්තර්ගතයට බලපෑම් ඇතිකිරීමට ය. 

රිය අනතුරක් සිදු කර පොලිස් සැරයන්වරයකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ රංගා මඳ කාලයකට නිදැල්ලේ හැසිරමෙන් සිටි අතර ඔහු විසින් සිදු කරන ලද මෙම බිහිසුණු අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වීම මඟ හරවා ගැනීම සඳහා ඔහු නාමල් රාජපක්ෂ මහතා සමඟ පැවති මිත්‍රත්වය භාවිතා කළ බවට ද වාර්තා වේ.

කිලී මහරාජා ගේ සුවච කීකරු වන්දිභට්ටයකු වන ශ්‍රී රංගා ගේ අභිප්‍රාය වී තිබෙන්නේ ස්වර්ණවාහිනි නාලිකාව සුනුවිසුණු කර දැමීම හා එම ව්‍යාපාරය බංකොලොත්භාවයට පත් කිරීම බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

කණගාටුවට කරුණ නම් මේ බව බ්‍රිතාන්‍ය ලයිකා ගෘෘප් සමාගම තවමත් නොදනී!