මෛත්‍රී - සජිත් සන්ධානයට එරෙහිව හඬපට කුමන්ත්‍රණයක් !

මෛත්‍රී - සජිත් සන්ධානයට එරෙහිව හඬපට කුමන්ත්‍රණයක් !

15 September 2019 04:11 pm

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් කෝපයෙන් යුතුව අසභ්‍ය වචනයෙන් බැණවදින ආකාරයේ හඬ පටයක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් පවතින අතර මෙය ළඟ ළඟම බිහිවීමට නියමිත මෛත්‍රී - සජිත් සන්ධානය බිඳ දැමීමේ අරමුණින් යුතුව කළ කුමන්ත්‍රණයක් බව වාර්තා වේ. 

මෙම හඬපටය ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට එක් කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ඒකකයට අයත් SPG Media Network නම් ෆේස්බුක් පිටුවට සමානව සකස් කළ ව්‍යාජ ෆේස්බුක් පිටුවකිනි. අපි UNP නම් සජිත් පාර්ශ්වයේ ෆේස්බුක් පිටුවෙහි ලාංජනය ද භාවිතා කරමින්, දුටු සැණින් මෙය සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩක් බව හැඟෙන ආකාරයට එම ෆේස්බුක් පිටුව සකස් කර තිබේ. 

එහෙත් මෙම පිටුවට ඇත්තේ ලයික් 168ක් පමණි. ඒ අනුව මෙම පිටුව ව්‍යාජ එකක් බව පැහැදිලිය. 

වට්ස් ඇප් සමාජ මාධ්‍ය ජාලය තුළ ද මෙම හඬපටය මේ වනවිට ඉතාම වේගයෙන් සංසරණය වෙමින් ඇත. 

කෙසේවෙතත් ජනාධිපතිවරයා සහ සජිත් ප්‍රේමදාස මහතා ඉතාමත්ම සමීපව ඇසුරු කරන බවත් ළඟදීම ඔවුන් දෙදෙනා සන්ධානගත වී ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දීමේ අරමුණින් සිටින බවත් දේශපාලන ක්ෂේත්‍රයට රහසක් නොවේ. 

ඒ අනුව මෙම හඬපටය එසේ සජිත් පාර්ශ්වය මඟින් සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහැරි ආකාරය පෙන්නුම් කරමින් වෙනත් දේශපාලන කණ්ඩායමක් විසින් සජිත් - මෛත්‍රී සන්ධානය බිඳ දැමීමේ අරමුණින් යුතුව කුමන්ත්‍රණකාරී ලෙස ප්‍රසිද්ධ කර ඇති බවයි වාර්තා වන්නේ. 

https://www.facebook.com/SPGVoice/videos/vb.102634053507523/453399421925899/?type=2&theater