බළලා මල්ලෙන් එළියට - මහාචාර්ය චන්න ජයසුමන සහ දොඩම්පහළ විශේෂඥ පරීක්ෂණ මණ්ඩලයට !!

බළලා මල්ලෙන් එළියට - මහාචාර්ය චන්න ජයසුමන සහ දොඩම්පහළ විශේෂඥ පරීක්ෂණ මණ්ඩලයට !!

12 July 2019 03:53 pm

වෛද්‍ය සාෆි සම්බන්ධ නඩුව ඊයේ (11) කැඳවූ අවස්ථාවේදී ඔහුට එරෙහිව එල්ල කළ තිබුණු වඳ සැත්කම් චෝදනා පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පත්කර තිබුණු විශේෂඥ මණ්ඩලය කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් කාරියවසම් මහතා විසින් අහෝසි කෙරිණි. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පත් කළ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීගේ මූලිකත්වයෙන් සහ කාසල් මාතෘ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ප්‍රධානියා, ද සොයිසා මාතෘ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ප්‍රධානියා ඇතුළු පිරිසකගෙනි. 

එම විශේෂඥ පරීක්ෂණ මණ්ඩලය වෙනුවට කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් කාරියවසම් මහතා විසින් පත් කර ඇත්තේ කොළඹ වෛද්‍ය පීඨයෙහි ප්‍රධානියාගේ මූලිකත්වයෙන් සහ මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය හේමන්ත දොඩම්පහළ වැනි පොහොට්ටු හිතවාදීන්ගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයකි. 

දිවයින පුවත්පත විසින් නම් ගම් නොමැතිව පළ කළ වඳ සැත්කම් කතාවේ සඳහන් වෛද්‍යවරයා සහාබ්දීන් සාෆි බවට මුලින්ම ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ පළ කළේත් ඉන් ඉදිරියට දේශපාලන ව්‍යාපෘතියක් වශයෙන්ම දිගින් දිගටම සාෆිට එරෙහිව නොයෙක් පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කළේත් මහාචාර්ය චන්න ජයසුමන විසිනි. එසේම සිසේරියන් සැත්කමක් තුළ ඉතාම පහසුවෙන් වෛද්‍යවරයකුට කාන්තාවක් වඳ භාවයට පත් කළ හැකි බවට මාධ්‍ය හරහා ප්‍රචාරණය කරවූයේ මහාචාර්ය හේමන්ත දොඩම්පහළ විසිනි. 

ඒ අනුව කුමන්ත්‍රණය දැන් ඉතාම පැහැදිලිය. 

මෙය කුරුණෑගල රෝහලේම බිරිඳ සේවය කරන කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිගේ පටන් පොහොට්ටු හිතවාදී මාධ්‍යවේදීන්, මහාචාර්යවරුන් සහ මන්ත්‍රීවරුන් ද හරහා අවසානයේ කුරුණෑගල රෝහලේම බිරිඳ සේවය කරන කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් කාරියවසම් දක්වා දිවෙන නීච නින්දිත කුමන්ත්‍රණයකි. 

සරලව කිවහොත් බලවතුන්ම එකතු වී නීතිය ප්‍රසිද්ධියේ වෛශ්‍යා වෘත්තියේ යෙදවීමකි. 

ඇත්තෙන්ම මෙය "ඉන්න හි*න රටකි ! 

( මෙම කුමන්ත්‍රණය සම්බන්ධ තවත් විස්තර අප වෙත ලැබෙමින් පවතින අතර නුදුරේදීම ඒවා හෙළි කරන්නෙමු. )

සබැඳි පුවත් - 

සාෆිගේ නඩුව : කුරුණෑගල ගරු මහේස්ත්‍රාත් ලැදියාවන් අතර ගැටුමක !