හේමන්ත රන්දුණුට දිවයිනෙන්ම කුණු බැණුම් !

හේමන්ත රන්දුණුට දිවයිනෙන්ම කුණු බැණුම් !

6 July 2019 08:06 am

කුප්‍රකට වඳ සැත්කම් කතාව ලියූ හේමන්ත රන්දුණුගේ ක්‍රියාකලාපය නිසා තමන්ට සමාජය ඉදිරියේ බලවත් අපහසුතාවන්ට මුහුණදීමට සිදුව ඇතැයි පවසමින් දිවයින පුවත්පතේම මාධ්‍යවේදීන් පිරිසක් විසින් දැඩි දෝෂාරෝපණයක් එල්ල කරමින් සිටින බව වාර්තා වේ. 

තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳ භාවයට පත් කරන ලද බවට හේමන්ත රන්දුණු විසින් රචනා කරන ලද පුවත ඔහු කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා සමඟ එක්ව ගෙතූ අතේ රෝලක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනවලින් හෙළිදරව් වී තිබියදී මෙන්ම එය අධිකරණය හමුවේ ද ප්‍රකාශයට පත්ව තිබියදී තවදුරටත් ඒ හා බැඳුණු සාවද්‍ය පුවත් ඉදිරිපත් කිරීමට යාම නිසා සමස්තයක් ලෙස දිවයින පුවත්පත විහිළුවකට ලක්ව ඇති බවයි එම මාධ්‍යවේදීන් අවධාරණය කර ඇත්තේ. 

"මුං නිසා අපට පාරෙ බැහැලා යන්නත් නෑ. බොරු කියන එකෙත් සීමාවක් තියෙන්න ඕනෙ. එකක් දෙකක් නෝන්ඩි වුණාමවත් කටපියාන ඉන්න දැනගන්න ඕනෙ. මේක එහෙම නෙවෙයි කෙළවරක් නෑනෙ. මුංගෙ ලැජ්ජා නහර කපලා තියෙන්නෙ, ඒක ඇත්ත. ඒත් අපට කියලා විලිලැජ්ජාවක් තියෙනවානෙ. 

වැඩ කරන්නෙ දිවයින පත්තරේ කියපුවාම මිනිස්සු අපට හිනාවෙනවා. සමහරු ශාප කරනවා, අර අසරණ මිනිස්සුන්ට ඉස්පිරිතාල ගාව නොමිලේ ලැබුණු කෑම වේලටත් කෙළියා කියලා. මෙව්වා හෙණ ගහන වැඩ කියලා මිනිස්සු කියන්නේ. 

මේක දයාසේන ගුණසිංහ මහත්තයා වගේ මිනිස්සු හදාපු තැනක්. අද පිස්සු විකාරයක් වෙලා තියෙන්නෙ මුං හින්දා" යනුවෙන් ඔවුන් ඉතාම ආවේගශීලීව, කණස්සල්ලෙන් යුතුව ප්‍රකාශ කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කළේය.