තවත් පොලිස් ලොක්කන් 6 දෙනෙක් ළඟදීම ඇතුළට !

තවත් පොලිස් ලොක්කන් 6 දෙනෙක් ළඟදීම ඇතුළට !

6 July 2019 07:23 am

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ඉහළම පොලිස් නිලධාරීන් හය දෙනෙකු ඉතාම නුදුරේදීම අත් අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ. 

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු දැනුවත්ව සිටියදී එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සිය රාජකාරි වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම නිලධාරීන් හය දෙනා ද අත් අඩංගුවට ගැනීමට නියමිත බව සඳහන්. 

ඒ අනුව අප්‍රේල් 21 වනදා වනවිට බස්නාහිර පළාත් භාරව සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, කොළඹ දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා, බස්නාහිර පළාත උතුර දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා, මීගමුව කොට්ඨාශ භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු පිරිසක් නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ උපදෙස් මත අත් අඩංගුවට ගැනීමට නියමිතව ඇත. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත් අඩංගුවේ පසුවන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.