දත් දොස්තරලා VOGලාට උපදෙස් දෙන අරුම පුදුම රෝහලක් !

දත් දොස්තරලා VOGලාට උපදෙස් දෙන අරුම පුදුම රෝහලක් !

28 June 2019 08:46 am

වෛද්‍ය සාෆිට අදාළ නඩුව ඊයේ (27) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙහි කැඳවූ අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි එක් නීතීඥවරයකු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විද්‍යාත්මක කරුණු පිළිබඳව අවබෝධයක් නොමැති බැවින් ඔවුන්ගෙන් මේ පිළිබඳ විමසීම තේරුමක් නොමැති බවයි. 

ඒ අනුව ඔවුන්ගෙන් විස්තර නොඅසන ලෙස පැවසූ නීතීඥවරයා මේ සම්බන්ධයෙන් කරුණු විමසිය යුතුම, ඊට සුදුසුම පුද්ගලයා, විශේෂඥයා, මෙම අධිකරණය තුළම සිටින බවත් ඔහු කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ සරත් වීර බණ්ඩාර මහතා (ජානිපෙ) බවත් ඔහුගෙන් කරුණු විමසා ඔහුගේ මතය දැනගන්නා ලෙසත් යෝජනා කළේය. 

ඒ මොහොතේ ඊට මැදිහත් වෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී තිසේරා මහතා අධිකරණයට ප්‍රකාශ කළේ "ස්වාමීනී, අපි මේ පරීක්ෂණ සඳහා උපදෙස් ලබාගත්තේ ප්‍රසව හා නාරිවේද විශෙෂඥ වෛද්‍යවරුන්ගෙන්. ( VOG). මේ කියන සරත් වීර බණ්ඩාර මහතා දන්න විද්‍යාත්මක මතය මොකද්ද ? ඔහුට පුළුවන්ද VOGලාට උපදෙස් දෙන්න ? ඔහු දන්ත වෛද්‍යවරයෙක්" යනුවෙනි. 

අධිකරණය සුළු මොහොතක් සම්පූර්ණයෙන්ම නිහඬ වී ගිය අතර නීතීඥයා ඉන් පසුව සරත් වීර බණ්ඩාර ගැන කතා කළේම නැත.