පැලෝපීය සූත්‍රය දේශනා කිරීමට රතන හිමි අද කුරුණෑගලට

පැලෝපීය සූත්‍රය දේශනා කිරීමට රතන හිමි අද කුරුණෑගලට

26 June 2019 09:57 am

සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳ භාවයට පත් කළ බවට මාධ්‍ය හරහා චෝදනා එල්ල කරන ලද කුරුණෑගල රෝහලේ වෛද්‍ය සහාබ්දීන් සාෆි මහතා සම්බන්ධ සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව හෙට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි අද (26) හදිසියේ කුරුණෑගල ප්‍රදේශයේ සංචාරයක් සඳහා පිටව ගොස් තිබේ. 

වෛද්‍යවරයා සම්බන්ධයෙන් මවුවරුන් ලවා පැමිණිලි ගෙන්වා ගනිද්දී කුරුණෑගල රෝහලට පැමිණ දැඩි ප්‍රකෝපකාරී කතාවක් පවත්වමින් එතැන් පටන් මහපාරේ සිට රට පාලනය කරන්නේ තමන් බවට වහසි බස් දෙඩුවේ ද රතන හිමියන් විසිනි. 

එසේම, සාෆිට එරෙහි චෝදනා ඔප්පු කරගත නොහැකි හෙයින් ඔහුට බලපෑම් කර කෙසේ හෝ පාපොච්ඡාරණයක් ලබාගත යුතු බව තම සමීප හිතවතුන් සමඟ රහසින් කියා සාෆිට එරෙහි චෝදනා 90%ක් ඔප්පු වී ඇති බව ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවේ කීවේ ද මේ රතන හිමිමය. රතන එසේ චෝදනා ඔප්පු වී ඇති බව කීවේ අවම වශයෙන් මවුවරුන් වෛද්‍ය පරීක්ෂණයකට හෝ ලක් කර නොමැති තත්වයක් තුළය. 

මේ අනුව රතන හිමි අද කුරුණෑගල සංචාරය කරන්නේ හෙට දිනයේ නඩුවට අදාළව බලපෑම් වන පරිදි යම් කලබැගෑනියක් කුරුණෑගල ප්‍රදේශයේ ඇති කිරීමට ජනතාව උසිගැන්වීමට "පැලෝපීය සූත්‍රයක්" දේශනා කිරීමේ අරමුණින් බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

එසේම සාමාන්‍යයෙන් දැන් සිද්ධි සිදුවන ක්‍රමය අනුව අද දිනයේ රතන හිමි කුරුණෑගල පැමිණියේ නම් හෙට දිනයේ ඥානසාර හිමි කුරුණෑගලට ගොඩ බසිනු ඇත.