ළමා දූෂක නාහිමියෝ විහාර තහනමේ පෙරමුණ ගනිති !

ළමා දූෂක නාහිමියෝ විහාර තහනමේ පෙරමුණ ගනිති !

5 June 2019 10:34 am

ලන්ඩන් විහාරයට වන්දනාවේ පැමිණි නව හැවිරිදි සිඟිති දැරියක් ලිංගික අපචාරයට ලක් කිරීමේ අපරාධයට වැරදි කරුවී හත් අවුරුදු සිර දඬුවමක් ලැබූ, පහළගම විද්‍යරවින්ද පිරිවෙන් විහාරාධිපති පහළගම සෝමරතන නාහිමියෝ ඇමැති වරුන් කිහිප දෙනෙකුට ගම්පහ විහාරස්ථාන වන්දනාව තහනම් කරමින් තීන්දුවක් දුන් ගම්පහ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ විහාරාධිපති සංගම් රැස්වීමේ මුලසුන හෙබවීම ගම්පහ බෞද්ධ ජනතාව ගේ විමතියට හේතුවී ඇත.

 

මහා සංඝරත්නයට අපහාස වන ලෙසින් ප්‍රකාශ නිකුත් කළ රජයේ අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න ගම්පහ ආසනයේ කිසිදු විහාරස්ථානයට නොකැඳවීමට , ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය පසුගිය අඟහරුවාදා (4දා) රාත්‍රීයේදී තීරණය කළහ.

ලන්ඩන් බෞද්ධ විහාරයේ බුදු මැදුරේ බුදු රුව අබියස මෙම දැරිය දුෂණය කල සොමරතනයෝ, “මේ සිද්ධිය පිළිබඳව මවට හෙළි කල හොත් ඇය අතිශය වේදනාවට පත් වනු ඇති බව ද දැරියගේ පියා මරණයට පත් වන බව ද පවසමින් දැරිය භීතියට පත් කර, බුදු රුව පාමුල මෙම බිහිසුණු අපරාධය සිදු කළ අතර, ඒ පිලිබඳ කිසිදු පසුතැවීමකින් තොරව හැසිරෙන ආකාරය චිශ්මය දනවන බව” තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු වරයා ප්‍රකාශ කලේය.

මෙම නඩු විභාගය අතරතුර පහළගම සෝමරතන යහපත් චරිතයකින් හෙබි ප්‍රභූ චරිතයක් ලෙස සහතික කරමින් සාක්ෂි ඉදිරිපත් කිරීමට දිස්ත්‍රික්කයේ දේශපාලන ප්‍රබලයින් ගණනාවක් ඉදිරිපත් විය.