ඔලිම්පික් ආක්‍රමණය කළ හිතුවක්කාරයන්ගේ ක්‍රීඩාව (ඡායාරූප)

ඔලිම්පික් ආක්‍රමණය කළ හිතුවක්කාරයන්ගේ ක්‍රීඩාව (ඡායාරූප)

25 July 2021 12:25 pm

ස්කේට්බෝර්ඩ් යනු අවදානම් සහගත ක්‍රීඩාවකි. කෙසේ නමුත් එය ලොවපුරා බොහෝ තරුණ තරුණියන්ගේ ආකර්ශනය දිනා ගැනීමට සමත් වී ඇති අතර ඇතැම් විට උන්මාදයක් තරමටම එය පැතිර ගොස් තිබේ. ඊට එක් හේතුවක් වන්නේද එම ක්‍රීඩාවේ ඇති අවදානම් සහගත බවයි.

ස්කේට්බෝර්ඩ් ක්‍රීඩාව මෙවර ඔලිම්පික් උළෙලටද පළමුවරට ඇතුළත් වූ අතර එහි පිරිමි ඉසව්ව අද අවසන් විය. රන් පදක්කම දිනා ගැනීමට සත්කාරක ජපානයේ හොරිගොමේ යුටෝ සමත් වූ අතර රිදී පදක්කම බ්‍රසීලයටත් ලෝකඩ පදක්කම ඇමරිකා එක්සත් ජනපදයටත් හිමි විය. ස්කේට්බෝර්ඩ් කාන්තා ඉසව්ව හෙට දිනයේදී පැවැත්වේ.

ස්කේට්බෝර්ඩ් උන්මාදයට ඔලිම්පික් වරම් හිමිවීමත් සමග තවතවත් තරුණ තරුණියන් අතර මෙම ක්‍රීඩාව ජනප්‍රිය වනු ඇත. කෙසේ නමුත් එය යොවුන් වසයේ දරුවන් සිටින දෙමව්පියන්ට නම් නළල රැළිගැන්වෙන පුවතක් වනු ඇත.

UN