සන්ථව කාව්‍ය විචාර සම්මාන උළෙල 2020

සන්ථව කාව්‍ය විචාර සම්මාන උළෙල 2020

3 May 2021 02:52 pm

ලාංකීය සාහිත්‍යයේ විචාර කලාව උදෙසා පිරිනමන එකම සම්මානය සන්ථව විචාර සම්මානයයි. එහිදී සිදුවන්නේ ඊට පෙර වසරේ ප්‍රකාශයට පත් වූ ඕනෑම කවි පොතක් පිළිබඳ ප්‍රශස්තම ලිඛිත විචාරය ලියූ ලේඛකයා හෝ ලේඛිකාව ඇගයීමට ලක් කිරීමයි.

මීට පෙර සන්ථව විචාර සම්මානය දිනූ අයගේ නම් පහත දැක්වෙනවා.
2017 - ලක්ෂාන්ත අතුකෝරළගේ "සමහර කමටහන් " කෘතිය පිළිබඳ විචාරය ලියූ දර්ශිකා සෞම්‍යා ජයකොඩි 
2018 - ලහිරු කිතලගමගේ "කවුලු ඇස පාමුළ " කෘතිය පිළිබඳ විචාරය ලියූ කල්ප එරන්ද
2019 - දිනූ රාජගුරුගේ "මල්වඩම් සිනාසිය යුතුය" කෘතිය පිළිබඳ විචාරය ලියූ ධනුෂ්කා තිලකරත්න 

2019 වසරේ ලියැවුණු කාව්‍ය ග්‍රන්ථ විචාරය පිළිබඳ සන්ථව 2020 සම්මාන උළෙල පසුගිය වසරේ පැවැත්වීමට සූදානම්ව සිටියත් කෝවිඩ් වසංගතය නිසා එය කල් දැමුණා. 
කල් දැමුණු එම උත්සවය මහජන සහභාගිත්වයෙන් තොරව ඊයේ (2021.04.30 ) දින නිට්ටඹුවේදී පැවැත්වුණු අතර සන්ථව කවි TV යූ ටියුබ් නාලිකාව හරහා එය සජීවීව විකාශය කෙරිණි.

එහිදී විචාර කුසලතා සහතික පත්‍ 5 ක් හා 10 වන ස්ථානයේ සිට 2  වන ස්ථානය දක්වා සම්මාන සහතික පත්ද පළමු ස්ථානය සඳහා සහතික පත්‍රයක් සමග සන්ථව විචාර සම්මානයද පුද කෙරුණා.

පළමු ස්ථානය නදුන් යසිත දසනායක විසින් රචනා කරන ලද 'මගේ ආලයේ ග්‍රැමෆෝන්' කාව්‍ය ග්‍රන්ථය පිළිබඳ, දිනිති උත්පලා රණසිංහ රචනා කළ විචාරයට හිමි විය.

ජයග්‍රාහි ස්ථාන - 
10 -වසන්තා රංජනී පතිරණ / අබ්දුල් උමර් / සහන් නෙත්මිණ
9 - ෂාමිනී ලක්මාලතී කරුණාරත්න / කසුන් හේමන්ත සිල්වා
8 - මලිඳු කාවින්ද කුමාරසිංහ / මධුෂාන්ත බණ්ඩාර ඇඹිලිපිටිය 
7 - මොහාන් අලගියාවඩු
6 - වජිර කාන්ත උබේසිංහ 
5 - නන්දා චිත්‍රානි ලෙනදොර
4 -  සරත් විජේසේකර / නිරෝෂ ප්‍රනාන්දු 
3 - සෙව්වන්දි ධනුෂිකා ප්‍රේමතිලක 
2 - සුභාෂිත ලක්මිණ 

කුසලතා සහතික - 
හංසිකා දුලාෂිණි නිලූකා / සුභාණි නාවලගේ / ඩබ්.ඩී.එස්. දීපිකා / ජයනිකා වික්‍රමසිංහ  / සෞම්‍යමාලි ජයතිලක 

තරගය සඳහා ලැබුණු සිය ගණනක් වූ විචාර පරික්ෂාවට ලක් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙසේයි.
සුනන්ද කරුණාරත්න 
සුමින්ද කිත්සිරි ගුණරත්න 
ලහිරු කිතලගම 

සන්ථව විචාර තරගාවලියට සමාන්තරව සෑම වර්ෂයකදීම ඊට පෙර වසරේ පළ වූ සියලු කවි පොත් පිළිබඳ සාරපූර්ණ විචාර ග්‍රන්ථයක් සම්පාදනය කිරීමත් අඛණ්ඩව සිදුවෙනවා. ඒ අනුව, 2017 දී මහාචාර්ය ලියනගේ අමරකීර්ති, 2018 දී මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර, 2019 දී මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි යන විද්වතුන් විසින් එම විචාර ග්‍රන්ථ රචනා කෙරිණි.

මෙම වසරේදී 'විචාර සහසකර' මැයෙන් එම මහරු ග්‍රන්ථය සම්පාදනය කළේ ජ්‍යේෂ්ඨ විචාරක සිසිර කුමාර මහගම මහතායි. එම ග්‍රන්ථය නොබෝ දිනකින් සන්ථව පොතක් ලෙස එළි දකිනවා. 2021 වර්ෂයේදී එම කෘතිය සම්පාදනය කිරිමේ වගකීම සාහිත්‍යය කලා විචාරකයෙක් මෙන්ම ගුරුවරයෙක්ද වන සුජීව සිරිමෙවන් මහතා වෙත පැවරී තිබෙනවා.

ඡායාරූප - අජිත් සෙනෙවිරත්න

සියලු ඡායාරූප බලන්න මෙතන click කරන්න.

UN