පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර මට්ටමට

පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර මට්ටමට

6 July 2019 12:37 pm

පලාලි ගුවන් තොටුපොළ කලාපීය ගුවන් තොටුපොළක් ලෙස සංවර්ධනය කිරීම ඊයේ (05) සිට ආරම්භ විය. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එම ගුවන් තොටුපොළ සංවර්ධන කටයුතු ආරම්භ කෙරිණි.

අගෝස්තු මාසයේ පළමුවැනි සතියේදී ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් කලාපීය වශයෙන් සිවිල් ගුවන් සේවා කටයුතු ආරම්භ කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවයි විෂය භාර අමාත්‍යාංශය සඳහන් කරන්නේ. 

ඒ අනුව ඉන්දියාවේ මුම්බායි, හයිද්‍රාබාද්, කොචින්, බැංග්ලෝර් යන ගුවන් ගමනාන්ත වෙත එම ගුවන් සේවා ක්‍රියාත්මකය. 

යාපනය පලාලි ගුවන් තොටුපොළ සඳහා දැනට ආයෝජනය කරන මුදල රුපියල් මිලියන 2250කි. රජයෙන් රුපියල් මිලියන 1950ක් සහ ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් ලෙස ව්‍යාපෘතියට යොදවා තිබේ. ව්‍යාපෘතිය අදියර තුනක් යටතේ ක්‍රියාත්මකය.

සේයා රූ - අජිත් සෙනෙවිරත්න