ශ්‍රී ලංකාව ගෝත්‍රිකකරණය නොකරනු - මරණ දඬුවමට එරෙහි විරෝධය

ශ්‍රී ලංකාව ගෝත්‍රිකකරණය නොකරනු - මරණ දඬුවමට එරෙහි විරෝධය

4 July 2019 01:40 pm

‘සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව’ විසින් මරණ දණ්ඩනයට විරෝධය පළ කරමින් හා එය ක්‍රියාත්මක කිරීම වහාම අත්හිටුවන ලෙසට ජනාධිපතිවරයාට අවධාරණය කළ විරෝධතාවක් කොළඹ, කොටුව දුම්රියපොළ ඉදිරියේදී අද (03දා) පැවැත්විණි.

‘මරණ දඬුවමින් ශ්‍රී ලංකාව ගෝත්‍රිකකරණය නොකරනු’ යනුවෙන් ක්‍රියාත්මක වූ මෙම විරෝධතාව සඳහා ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඇතුළු පිරිසක් එක්ව සිටි අතර, විරෝධතාව අතරතුරදී ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පා ගමනින් යෑමට කළ උත්සහය පොලීසිය මැදිහත්ව නතර කළේය.

මේ පිළිබඳ අදහස් දක්වමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා පැවසුවේ බන්ධනාගාර තුළ මත්කුඩු බෙදා හැරීම බන්ධනාගාර නිලධාරීන්ගේ හා දේශපාලනඥයන්ගේ මැදිහත්වීමෙන් සිදුවන්න බවයි.

සේයා රූ - අජිත් සෙනෙවිරත්න