මරණ දඬුවම එපා ! ජනපතිගේ තීරණයට විරෝධය

මරණ දඬුවම එපා ! ජනපතිගේ තීරණයට විරෝධය

28 June 2019 09:50 pm

ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීමට සහ මරණ දණ්ඩනය හිමිව තිබෙන සිරකරුවන් සිව් දෙනෙකු එල්ලා මැරීමේ ලේඛනවලට අත්සන් තැබීමට විරෝධය පළකරමින් පුරවැසියන් පිරිසක් අද (28) උද්ඝෝෂණයක නිරත විය.

වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට පැවති මෙම විරෝධතාවය සඳහා සමාජ ක්‍රියාකාරිකයන්, දේශපාලන ක්‍රියාධරයන් සිවිල් සංවිධානය නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.