ප්‍රේමපාල හේවාබටගේ - අපරාජිත කැරලිකරුවා සමුගනී

ප්‍රේමපාල හේවාබටගේ - අපරාජිත කැරලිකරුවා සමුගනී

10 June 2019 12:46 pm

දිවියෙන් සමුගත්, ජවිපෙ පළමු කැරැල්ලේ නායකයෙකු වූ ප්‍රේමපාල හේවාබටගේ මහතාගේ අවසන් කටයුතු පසුගිය සෙනසුරාදා (08) ඉංගිරිය‍ පොදු සුසාන භූමියේදී පැවැත්විණි.

ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකු වන ප්‍රේමපාල හේවාබටගේ මහතා 1971 පළමු කැරැල්ලට නායකත්වය දුන්නේය. එනිසාම ඔහු 71 මහ නඩුවේ 38 වන විත්තිකරු ලෙස නම් කෙරිණි.

පසු කලෙකදී මතවාදී ගැටුම් හේතුවෙන් ජවිපෙන් ඉවත් වූ හේවාබටගේ මහතා කලක් ජනතා සංගමයේ නායකයා වශයෙන් ද කටයුතු කළේය.

අනතුරුව 71 සංසදයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ ඔහු ජීවිතයේ අවසානය දක්වාම වඩා යහපත් සමාජයක් වෙනුවෙන් වූ බලාපොරොත්තුව අත්නොහැර සටන් වැදුණු දේශපාලන ක්‍රියාකාරිකයකු විය.

ඔහුගේ අවසන් කටයුතු සඳහා ඔහු සමග 70 දශකයේ සිට දේශපාලන කටයුතුවල නිරත වූ දේශපාලන ක්‍රියාකාරිකයන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

සේයා රූ - අජිත් සෙනෙවිරත්න