රතන හිමිගේ උපවාසයෙන් රටම උණුසුම්

රතන හිමිගේ උපවාසයෙන් රටම උණුසුම්

3 June 2019 08:31 am

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේගේ උපවාසය හේතුවෙන් මේ වන විට රටම උණුසුම් තත්ත්වයකට යමින් තිබේ. මේ වන විට මහනුවර නගරයේ සහ ගම්පොළ නගරයේ ජාති ආගම් භේදයකින් තොරව සියලුම වෙළෙඳසැල් වසා දමා හර්තාලයක් ආරම්භ කර ඇත්තේ රතන් හිමිට සහය දක්වමිනි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අය එම තනතුරුවලින් ඉවත් කරන ලෙස සහ මොහොමඩ් ෂාෆි ඇතුළු වෛද්‍යවරු පිළිබඳ විමර්ශනය කිරීමට ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන ලෙස ජනාධිපතිවරයාට බල කරමින් රතන හිමියන් මෙම උපවාසය ආරම්භ කළේය.

අද පෙරවරු 12.00 පසු ගම්පොළ නගරයේ සිට ආරම්භ කරනු ලබන බස් රථ සියල්ල ධාවනය නතර කරන බවද ජනතාවට දැනුම් දී ඇති බව සඳහන්.

රතන හිමි සිව් වන දිනටත් අද (03) උපවාසයේ නිරත වන අතර ඊයේ උන්වහන්සේ බැහැදැකීමට ගිය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ආණ්ඩුවට අනතුරු ඇඟවුයේ රතන හිමිගේ ඉල්ලීම ඉටුකිරීම වෙනුවෙන් අද පෙරවරු 12.00ට පෙර ආණ්ඩුව තීරණයක් ගත යුතු බවයි. එසේ නොවන්නේ නම් රට පුරා සැණකෙළි බලාගත හැකි බවද උන්වහන්සේ අවධාරණය කළේය.

මේ වන විටත් දළදා මාළිගාව ඉදිරිපිට විශාල ජනතාවක් රැස්ව සිටින අතර ආගමික නායකයන්, දේශපාලඥයින් ඇතුළු බොහෝදෙනෙක් රතන හිමිට සහය පළකිරීම සඳහා පැමිණෙමින් සිටියි.

අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ ආරම්භ කළ උපවාසයට සහය දක්වමින් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියලේන්දිරන් මහතා මඩකළපුව ගාන්ධි උද්‍යානයේදී උපවාසයක් ආරම්භ කළ අතර සමස්ත ලංකා හින්දු සම්මේලනය මහනුවර පල්ලේදෙල්තොට ප්‍රදේශයේදී උපවාසයක් ආරම්භ කර තිබේ.

තවද රතන හිමිට සහය පළ කරමින් කළුතරින් සහ අළුත්ගමන් ආරම්භ වන මගී බස් රථ ධාවනයද අත්හිටුවා ඇති බව සඳහන්. මේ වන විට මාතලේ නගරයේද කඩසාප්පු වසාදමමින් රතන හිමිට සහය දැක්වීමට ජනතාව තීරණය කර තිබේ.

දඹුල්ල නගරයේද බොහෝ කඩ සාප්පු වසාදමා ඇති අතර අද දහවල් උද්ඝෝෂණයක්ද පැවැත්විණි.

ඡායාරූප - නුවර නදීක දයා බණ්ඩාර/ දඹුල්ල කාංචන කුමාර ආරියදාස

rathana new 03

rathana new 03

rathana new 03

rathana new 03

rathana new 03

pikat dambulla 09

pikat dambulla 09

pikat dambulla 09

pikat dambulla 09

pikat dambulla 09

pikat dambulla 09

pikat dambulla 09

pikat dambulla 09

rathana new 01

pikat dambulla 09

image 13

image 13

image 13

image 13

image 13

image 13

image 13

image 13

image 13

image 13

image 13

image 13

image 13