එදාත් මේ වගේම සුරතලියන් දුව-පැන ඇවිදින්නට ඇති.......

එදාත් මේ වගේම සුරතලියන් දුව-පැන ඇවිදින්නට ඇති.......

11 May 2019 01:01 pm

ඉහත ඡායාරූපය අප කැමරා කාචයේ සටහන් වූයේ, පසුගිය 21 වැනිදා පාස්කු ප්‍රහාරයෙන් මියගිය කතෝලික බැතිමතුන් සිහිපත් කිරීම වෙනුවන් අද (11) කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ පැවති දේව මෙ‍හෙය අතරතුරයි.

එදා කොච්චිකඩේ දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් මෙන්ම අදාල බෝම්බ ප්‍රහාරය මැදිව තුවාල ලබා දිවි ගලවා ගත් බැතිමතුන් ද අද දේව මෙහෙය සඳහා සහභාගි වී සිටියහ.

පාස්කු දින සිදු වූ ඛේදවාචකය සම්බන්ධයෙන් හා සිය ඥාතීන් සමීපතමයන් අහිමි වීමේ කම්පාවෙන් කතෝලික බැතිමතුන් දේව මෙහෙයට සහභාගි වෙද්දී මෙම හුරුබුහුටි ළදැරිය ශාලාව පුරා පියමං කළේ ඒ කිසිවක් මායිම් නොකරමිනි. ඇය දන්නා ජාතිවාදයක් නැත, ආගම්වාදයක් නැත, ආගමික අන්තවාදයක් නැත.

එදා බෝම්බ ප්‍රහාරය සිදුවන අවස්ථාවේදීද කොච්චිකඩේ පල්ලිය තුළ, මීගමුව කටුවාපිටිය පල්ලිය තුළ, මඩකළපුව සියොන් දේවස්ථානය තුළ, දුව-පැන ගිය හුරබුහුටි මල් කැකුළු කීයක් අකාලයේ මිලින වන්නට ඇද්ද ?

සේයා රූ - අජිත් සෙනෙවිරත්න

{gallery}Kotahena Church{/gallery}