ගුරුවරුන්ගේ පඩි කපන්න ගිය කොල්ලුරේට සභාපතිකමත් නැතිවෙයි !

ගුරුවරුන්ගේ පඩි කපන්න ගිය කොල්ලුරේට සභාපතිකමත් නැතිවෙයි !

24 October 2021 06:28 pm

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති තනතුරින් ඉවත් කර තිබෙනවා. අද පැවති මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගත් බවයි එම පක්ෂය පවසන්නේ.

සභාපති තනතුරින් කොල්ලුරේ මහතා ඉවත් කිරීමට ආසන්නතම හේතුව වී තිබෙන්නේ වයඹ පළාතේ පාසල්වල සේවයට වාර්තා නොකරන ගුරුවරුන්ගේ පඩි කපා දමන බවට ඔහු පසුගියදා සිදුකළ ප්‍රකාශයයි.

මෙම ප්‍රකාශය සිදු කිරීමත් සමග ඔහුට බොහෝ දෙනාගේ විරෝධය සහ විවේචන එල්ල විය. කම්කරුවන් වෙනුවෙන්, වැඩ කරන ජනතා වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක සභාපතිවරයෙකුට එවැනි ප්‍රකාශයක් සිදුකළ හැකිද යන්න බොහෝදෙනා යොමුකළ ප්‍රශ්නයයි.

මතුව ඇති තත්වය හමුවේ කොල්ලුරේ මහතා තවදුරටත් කොමියුනිස්ට් පක්ෂයේ සභාපති තනතුර දැරීම සුදුසු නොවන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා. කෙසේ නමුත් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තවදුරටත් පවතිනු ඇත.

UN