තවත් වංගු එපා, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්න - ඉතාලියේ ශ්‍රීලාංකිකයන් යළිත් විරෝධතාවයක

තවත් වංගු එපා, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්න - ඉතාලියේ ශ්‍රීලාංකිකයන් යළිත් විරෝධතාවයක

24 October 2021 03:51 pm

පාස්කු ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්නැයි ඉල්ලා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් යළිත් උද්ගෝෂණ ආරම්භ කර තිබෙනවා. වෙලෝනා නගරයේදී මෙම උද්ගෝෂණය පැවැත්විණි.

මීට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ සංචාරයක නිරතව සිටින අතරතුර බොලොඤ්ඤා නගරයේදී ශ්‍රී ලාංකිකයන් විරෝධතාවයක නිතර වූ අතර අග්‍රමාත්‍යවරයාට දැඩි විරෝධයක් එල්ල විය.

ඉන් අනතුරුව ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය, කැනඩාව ඇතුළු රටවල් කිහිපයක විරෝධතා, උද්ගෝෂණ සංවිධානය කර තිබිණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවාරය සඳහා සහභාගි වී සිටිද්දී ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේදීද විරෝධතා පැවැත්විණි.

වෙලෝනා උද්‍ගෝෂණයට සහභාගි වූ ශ්‍රී ලාංකිකයන් සඳහන් කළේ මේ වනවිට තවත් රටවල් රැසක ශ්‍රී ලාංකිකයන් නියෝජනය කරන සංවිධාන, පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටු කරන්නැයි ඉල්ලා විරෝධතා පැවැත්වීමට සූදානමින් සිටින බවයි. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා එක්ව ආණ්ඩුවට බලපෑම් කරන බවද ඔවුන් පවසනවා.

UN