සෞඛ්‍ය අමාත්‍යංශය බිලියන 12 ක් ණයයි - ණය පියවන්න කිසිදු වැඩපිළිවෙලක් නෑ !

සෞඛ්‍ය අමාත්‍යංශය බිලියන 12 ක් ණයයි - ණය පියවන්න කිසිදු වැඩපිළිවෙලක් නෑ !

24 October 2021 03:00 pm

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබාගෙන ඇති සේවා වෙනුවෙන් රුපියල් බිලියන 12 ක පමණ ණය ගෙවීමට තිබෙන බවත්, කෙසේ නමුත් මේ දක්වා එම ණය පියවීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් සකස් කර නොමැති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා. මෙම ණය ගෙවීම පැහැර හැරීම සෞඛ්‍ය සේවාව හිතාමතාම අකර්මන්‍ය කිරීමේ වැඩපිළිවෙලේ තවත් එක් පියවරක්ද යන සැකය මතුවන බවයි රවී කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ.

මෙම මුදල් පියවීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍යවරයා විසින් මීට සති තුනකට පෙර පැවති සාකච්ඡාවකදී උපදෙස් ලබා දී ඇති නමුත් මේ දක්වා කිසිදු සාර්ථක විසඳුමක් සකස් කර නොමැති බවයි ඔහු පවසන්නේ.

සෞඛ්‍ය ලේකම්වරයා ඊට මැදිහත්වී විකල්ප සෙවීම වෙනුවට දිනෙන් දින අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා අඩාල කරමින් සහ තීරණ ගැනීම ප්‍රමාද කරමින් සිටීම හේතුවෙන් ඉදිරියේදී සෞඛ්‍ය සේවාව තුල විශාල අර්බුදයක් නිර්මාණය වීම නොවැලැක්විය හැකි බවද කුමුදේශ් මහතා සඳහන් කරනවා. මෙවන් අර්බුද මතුවූ සෑම අවස්ථාවකම පෙර සිටි සෞඛ්‍ය ලේකම්වරුන් ඊට මැදිහත්වී විවිධ පිළියම් යොදමින් රජයත්, සෞඛ්‍ය සේවාවත් අර්බුදයකින් තොරව පවත්වා ගැනීම සඳහා මැදිහත් වුවද, වර්තමාන සෞඛ්‍ය ලේකම්වරයගේ කළමනාකරණ දුර්වරතාවය, මෙවන් අර්බුද උඩුදුවන මට්ටමට පරිවර්තනය වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

ණය පියවීම පසෙක තබා අනවශ්‍ය වියදම් සඳහා මුදල් රැසක් සිදුකර ඇති බව පෙන්වා දෙන රවී කුමුදේශ් මහතා පවසන්නේ ඉතා හොඳින් ක්‍රියාත්මක වන උපකරණ පවා ඉවත දමමින් ඒ වෙනුවට අලුත් උපකරණ මිලදී ගැනීමට සෞඛ්‍ය ලේකම්වරයා කටයුතු කර ඇති බවයි.

UN



Recommended News