සූස්තියක් ඇදලා සැපේ ඉන්නැතුව රට හදන්න යනවට හොඳ වැඩේ!

සූස්තියක් ඇදලා සැපේ ඉන්නැතුව රට හදන්න යනවට හොඳ වැඩේ!

21 October 2021 11:30 am

ලංකාවට ආර්ථික වසයෙන් හොඳම එකෙං කෙල වෙලා විදේශ සංචිත ඍණ වෙලා තියෙන වෙලාවක්නෙ. ඔය පාස්පෝට් පෝලිම්වලිං පේන කොහොම හරි හැකි ඉක්මණින් දිවයිනෙන් පිටට පැන ගන්න ඕනෙ කියන මානසිකත්වය තරුණ පරම්පරාවට සැරටම ඉන්ජෙක්ට් වෙලා කියන එක හොඳටම තේරෙන දෙයක්."

කෙටිකාලීනව මේකෙං ගොඩ යන්න තියෙන හොඳම ක්‍රමය සංචාරක කර්මාන්තය ඉක්මණම පණ ගහලා ගන්න එක. සිහි බුද්ධියක් ඔලුවක් ඇතුව කල්පණා කරන කෙනෙක්ට නං තේරෙන්න ඕනෙ මේ වෙලාවෙ කරන්න තියෙන හොඳම දේ කංසා සහ LGBT Rights නීතිගත කරපු පළවෙනි දකුණු ආසියාතික රට බවට ලංකාව පත් කර ගන්න එක. ගණිකා වෘත්තීය මෙහෙට එච්චරම වැදගත් නෑ, මොකද ඒක අවශ්‍ය අය තායිලන්ඩ් යනවනේ. ඒ මාකට් එකට කම්පීට් කරන්න අමාරුයි. කොහොමත් මෙහේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ කොල්ලොංට නිසා ඔක්කොම පටලෝ ගෙන ෆෝකස් එක නැති වීමේ අවදානමකුත් තියෙන නිසා.

කරන්න තියෙන්නේ ඔය දේවල් වුනාට  මෙහේ කට්ටිය කරන්නේ එන සංචාරකයෙක්ට බීෆ් කෑල්ලක් කන්න විදියක්වත් නැති වෙන තැනට නීති යෝජනා කරන එක.

කංසා ගහත් එක්ක පරීක්ෂණ කරමින් ඒකෙ වැදගත් කම හොයන ස්වභාවික විද්‍යා ආචාර්යවරයාව අත්අඩංගුවට ගන්න එක. (නීතිය වෙනස් වෙනතුරු කංසා ලඟ තබා ගැනීම වරදක් නිසා එහෙම කෙනෙක් අත්අඩංගුවට ගැනීමට විරුද්ධ වෙන්න බෑ. නීතිය සමාන විය යුතු නිසා. ඒත් කංසා ගැන පරීක්ෂණ කරන ස්වභාවික විද්‍යා ආචාර්ය කෙනෙක් කියන්නෙ ඒ නීතියට අදාළව සාමාන්‍ය කෙනෙක් නෙමෙයි)

වසන්ත සේන වැලිඅංග කියන්නෙ මේ වෙලාවෙ රටේ මරුම වැඩක් කරන කෙනෙක්. අවුරුදු සිය දාස් ගානක් තිස්සෙ මිනිස්සු හොද්දට දාගෙන පවා කාපු ගහක්, සුද්දො ඇවිත් තහනම් කලාට පස්සෙ, තහනම් කලේ ඇයි කියලවත් නොදැන පවත්වා ගෙන යන රටක මිනිස්සුංට තමුංගෙම ඓතිහාසික අයිතිය ලබා දෙන්න මෙච්චර මහන්සියක් වෙන එක මරු වැඩක්.

එක අතකට පාඩුවෙ සූස්තියක් ඇදලා වැටිලා සැපේ ඉන්නෙ නැතුව මේ රටේ අප්සට් දේවල් වෙනස් කරන්න හදනවට හොඳ වැඩේ.

 - රවීෂ තිලකවර්ධන

UN



Recommended News