යුද හමුදා සංවත්සරයට සමගාමීව කුඹුක් පැල සිටුවීමේ ව්‍යාපෘතියක් !

යුද හමුදා සංවත්සරයට සමගාමීව කුඹුක් පැල සිටුවීමේ ව්‍යාපෘතියක් !

19 October 2021 07:16 pm

ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වන සංවත්සරය නිමිත්තෙන් මේ දිනවල වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වේ. එහි එක් වැඩසටහනක් ලෙස පරිසරය සංරක්ෂණය කිරීමේ අරමුණින් කුඹුක් පැල 10,000 ක් සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ.

ඒ යටතේ නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් පසුගියදා කුඹුක් පැල 1600 ක් රෝපණය කළේය. යුද හමුදාපති, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති, මේජර් ජනරාල් චන්න වීරසූරිය මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය ක්‍රියාවට නැංවිණි.

පැල රෝපණය කිරීමෙන් නොනැවතී එම පැල හොඳින් රෝපණය වනතෙක් රැකබලා ගැනීමේ වැඩපිළිවෙලක්ද මේ යටතේ ක්‍රියාත්මක වන බවයි යුද හමුදාව පවසන්නේ.

UN



Recommended News