අවිශ්වාස සංසාරෙට ආදරේ කරන්න හිතෙන්නැද්ද ?

අවිශ්වාස සංසාරෙට ආදරේ කරන්න හිතෙන්නැද්ද ?

19 October 2021 10:43 am

මෙලෙස මනරම් වෙද්දි 
හැන්දෑව දෝතින් ම තුරුළු කර
ඇතුළු ගැබ සතපවා
සැනෙන් දොරගුළු දමා 
යතුර නැති කර දමමි 

සැන්දැගෙහි අමා මී
උරා බී මතෙහි වැද
පෙර රුසිරුයෙහි ගිලෙම්

අංගාර කළුපාට පිස දැමූ
ශෘංගාර රෑ ගණන් දෑස් මත
සිත්තම්ව ඇදී යෙයි

දෙසවනෙහි නිනද දුන් 
දෙනයනෙහි කැලුම් දුන්
සලරූහි චරිත'තර සැරි සැරෙයි

පත්තිරෙහි ලැගුම් හුන් - ගත්කාර ඡේදයන් 
විදිලි එළි සේ දිලෙයි  - පහස දෙයි

කංසාව හාදු දුන් - අඩැසි නෙත් 
එමත්තෙහි ඇඳී යෙයි

මහසාර තිරසාර
න්‍යාය කඳ 
මොහොතකට සිඳී යෙයි

නොම ඇතැයි  සිතමින් ම
මෙ'සාරසංසාරයට 
තුන්හිත ඇලෙයි
එ'සසරට ආදරේ කරන්නට පවා,

ඔව්!

හිත නැමෙයි

- සඳුන් ප්‍රියංකර විතානගේ