සජබ ස්වයං රැකියා වෙළඳුන්ගේ සංවිධාන මහපාරේ ලිප් බැඳ විරෝධය පළකරයි (ඡායාරූප)

සජබ ස්වයං රැකියා වෙළඳුන්ගේ සංවිධාන මහපාරේ ලිප් බැඳ විරෝධය පළකරයි (ඡායාරූප)

15 October 2021 05:52 pm

සමගි ජන බලවේගයට සම්බන්ධ එක්සත් ජාතික ස්වයං රැකියා කාන්ත සංවිධානය ඇතුළු ස්වයං රැකියා වෙළඳුන්ගේ සංවිධාන විසින් කළ විරෝධතා ව්‍යාපාරයක් අද සවස කොටුව දුම්රියපොල ඉදිරිපිටදී පැවැත්විණි. මෙම විරෝධතාවය සඳහා සමගි ජන බලවේගයට සම්බන්ධ තවත් සංවිධාන කිහිපයක නියෝජිතයන් එක්ව සිටියේය.

විරෝධතාකරුවන් මහපාරේ දර ලිප් බැඳ ගෑස් මිල ඉහළ දැමීම ඇතුළු ජනතා ප්‍රශ්න වෙනුවෙන් ආණ්ඩුවට විරෝධය දැක්වීය.

මෙම විරෝධතාවය සඳහා සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද එක්ව සිටියහ.

ඡායාරූප - අජිත් සෙනෙවිරත්න

සියලු ඡායාරූප බලන්න මෙතන click කරන්න.

UN



Recommended News