දෛනික ආසාදිතයින් සංඛ්‍යාව සිව්වැනි දිනටත් 1300 මට්ටමේ. කොවිඩ් පරීක්ෂණ 10410 යි

දෛනික ආසාදිතයින් සංඛ්‍යාව සිව්වැනි දිනටත් 1300 මට්ටමේ. කොවිඩ් පරීක්ෂණ 10410 යි

25 September 2021 05:39 am

ඊයේ (24) දිනය තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1332ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 

ඔවුන් සියලු දෙනාම අලුත් අවුරුදු පොකුරෙන් හඳුනාගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. 

ඒ අනුව ගතවූ දින හතර තුළම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1300 මට්ටමේ රැඳී තිබෙන බව පෙන්නුම් කෙරේ. 

දැනට ප්‍රතිකාර ලබන සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 46150ක් වන අතර මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 511372ක් වේ. 

ඊයේ දිනයේ දිවයින තුළ පීසීආර් පරීක්ෂණ 10410ක් සිදුකර ඇති අතර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර නොමැති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ. 

RN