මගේ දරුවෝ භෞතීස්ම කරලත් නැහැ.මම කාලි අම්මා අදහන්නෙත් නැහැ.මම හොඳ බෞද්ධයෙක් - පාඨලී (VIDEO)

මගේ දරුවෝ භෞතීස්ම කරලත් නැහැ.මම කාලි අම්මා අදහන්නෙත් නැහැ.මම හොඳ බෞද්ධයෙක් - පාඨලී (VIDEO)

24 September 2021 05:56 pm

මේ වන විට ආන්දෝලනයට තුඩු දී තිබෙන කතෝලික පියතුමන්ලා සමඟ කළ සාකච්ජාව රහසිගතව කළ සාකච්ජාවක් නොවන  අතර එය අන්තර්ජාලයට මුදාහැර තිබුණු බවත් මේ රටේ කතෝලික ප්‍රජාවට මෙන්ම සමස්ත රටේ ජනතාවට පාස්කු ප්‍රහාරයේ සැඟවුණු දේශපාලනය ගැන හොද අවබෝධයක් ඇති බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (24) අපරාධ පරීක්ෂණ දෙපර්තම්නේතුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පාස්කු ප්‍රහාරයෙන් පසු එහි දේශපාලන වාසිය ගැනීම සඳහා නොයෙක් කුමන්ත්‍රණ කළ අය ගැන දන්නා බවයි මන්ත්‍රීවරයා පැවසුවේ. 

මේ රටේ දේශපාලකයෙක් ලෙස පල්ලියට, කෝවිලට හෝ අනෙකුත් ආගමින ස්ථානයකට යාමට තමන් බිය නැති අතර තමන් කුමන්ත්‍රණ සිදුකර නොමැති බවත් තමන්ගේ අත්වල ලේ තැවරී නැති බවත් රණවක මහතා කියෛස්ටියේය. 

තමන්ගේ දරුවන් භෞතීස්ම කර බොරුවට දළදා මාළිගාව වැදීමට ගොස් නැති ආකාරයට තමන් කාලි අම්මාද නොඅදහන අතර තමන් හොඳ බෞද්ධයෙකු බවයි හෙතෙම අවධාරණය කළේ. 

ASK