කොවිඩ් ආසාදිත වෛද්‍යවරියක් මියයයි

කොවිඩ් ආසාදිත වෛද්‍යවරියක් මියයයි

24 September 2021 10:40 am

කොවිඩ් 19 වෛරසය ආසාදිතව ගාල්ල කරාපිටිය රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍යවරියක මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් තිබෙන්නේ රත්නපුර රෝහලේ සේවය කරමින් සිටි ටරින්දි දිල්ෂිකා විතානගේ නමැති 31 හැවිරිදි වෛද්‍යවරියකි.

ඇයට කොවිඩ් රෝග ලක්ෂණ පහළවීම හේතුවෙන් පසුගිය අගෝස්තු 23 වැනිදා ‍කොළඹ පෞද්ගලික රෝහලකින් PCR පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී තහවුරු වී තිබෙන්නේ වෛද්‍යවරියට වෛරසය ආසාදනය වී ඇති බවයි. ඒ අනුව ඇය ගල්කිස්ස ‍ප්‍රදේශයේ හෝටලයක පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක රැඳී සිට තිබෙනවා.

එහි සිටින අතරතුර ‍රෝගී තත්වය උත්සන්න වීම නිසා පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයකට මාරු කර ඇති අතර තවදුරටත් ඇයගේ තත්වය අසාධ්‍ය වීම හේතුවෙන් සැප්තැම්බර් 02 වැනිදා කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයට මාරු කර තිබෙනවා. එම රෝහලේ ස්ථාපිත කර තිබෙන එක්මෝ යන්ත්‍රය ආධාරයෙන් වෛද්‍යවරියට ප්‍රතිකාර ලබා දී තිබේ.

කෙසේ නමුත් පසුගිය 22 වැනිදා ඇය මරණයට පත්ව තිබේ. කොවිඩ් නිව්මෝනියා රෝගී තත්වයේ සංකුලතා හේතුවෙන් බහුවිධ අවයව අකර්මන්‍ය වීම ඇයගේ මරණයට හේතුව ලෙස සඳහන් වේ. මීට පෙර රාගම රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගේ ජීවිත කොවිඩ් වසංගතය නිසා අහිමි විය.

UN