ගුවනින් ගෙන්වූ කහ කිලෝ 472 ක් රේගු භාරයට

ගුවනින් ගෙන්වූ කහ කිලෝ 472 ක් රේගු භාරයට

24 September 2021 10:20 am

ගුවන් මගීන්ගේ භාණ්ඩ අතර සඟවා මෙරටට ගෙන්වීමට උත්සාහ කළ භාණ්ඩ තොගයක් සිය භාරයට ගැනීමට ගුවන් තොටුපල රේගු නිළධාරීන් සමත් වී තිබෙනවා. රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් මෙසේ රේගු නිළධාරීන් හසු වී තිබෙනවා.

ආනයන සීමා පනවා තිබෙන කහ කි‍ලෝග්‍රෑම් 472 ක්, එනසාල් කිලෝග්‍රෑම් 352 ක් හා ඖෂධ තොගයක් මෙසේ රේගු භාරයට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ චෙන්නායි නගරයේ සිට පැමිණි ගුවන් යානයක සිටි මගීන් පිරිසකගේ ගමන් මලුවල සඟවා මෙම භාණ්ඩ රටට ඇතුළු කිරීමට උත්සාහ දරා තිබෙනවා. මෙම මගීන් පිරිස ඉන්දියාවේ සංචාරය සඳහා ගොස් සිටි ශ්‍රීලාංකිකයන් පිරිසක් බවයි වාර්තා වන්නේ.

මීට පෙර අවස්ථා ගණනාවකදී නීතිවිරෝධී බෝට්ටු මගින් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ කහ තොග විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබූ අතර මේ වනවිට ගුවන් මගින් පවා කහ රැගෙන ඒමට ජාවාරම්කරුවන් කටයුතු කරමින් සිටිනවා.

UN