පෝෂ්‍යදායි ආහාර පාරාදීසයක් බවට ඉන්දියාව පත් කරනවා - ඉන්දීය කෘෂිකර්ම හා ගොවිජන සුබසාධන අමාත්‍ය

පෝෂ්‍යදායි ආහාර පාරාදීසයක් බවට ඉන්දියාව පත් කරනවා - ඉන්දීය කෘෂිකර්ම හා ගොවිජන සුබසාධන අමාත්‍ය

23 September 2021 01:01 pm

මෙනේරි ඇතුළු අනෙකුත් පෝෂ්‍යදායී ධාන්‍ය වර්ග, පළතුරු සහ එළවළු, මාළු, කිරි සහ කාබනික නිෂ්පාදන ආදී පාරම්පරික ආහාර ද්‍රව්‍ය මිනිසුන්ගේ ආහාර වේලට නැවත හඳුන්වා දීම සඳහා ඉන්දියාව ප්‍රමුඛතාව ලබා දී තිබේ.

ඉන්දියා නිවුස් නෙට්වර්ක් වෙබ් අඩවිය පෙන්වා දෙන පරිදි ඉන්දීය කෘෂිකර්ම හා ගොවිජන සුබසාධන අමාත්‍ය නරේන්ද්‍ර සිං තෝමර් විසින් G 20 කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමේ දෙවන දින සැසිවාරයේ දී මේ බව සඳහන් කර ඇත.

පෝෂ්‍යදායි ධාන්‍යවල වැදගත්කම සිහිපත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉන්දියානු රජයේ යෝජනාව පිළිගෙන 2023 වසර ජාත්‍යන්තර මෙනේරි වසර ලෙස ප්‍රකාශයට පත් කළ බව මාර්ගගත ක්‍රමයට G 20 අමාත්‍යවරුන් ගේ සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

පෝෂණය සහ තිරසාර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙනේරි වසර සැමරුමට සහයෝගය ලබා දෙන ලෙස ඔහු G 20 ජාතීන්ගෙන් ඉල්ලීමක් කළේය. නිදහස ලැබීමෙන් පසු ඉන්දියාවේ කෘෂිකර්මාන්තය විශාල ජයග්‍රහණ අත්කර ගෙන ඇති බවයි  අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

“කොවිඩ් වසංගතය අතරතුරදී පවා ඉන්දීය කෘෂිකාර්මික අංශය බලපෑමට ලක් නොවීය” යනුවෙන් ඉන්දීය කෘෂිකර්ම අමාත්‍ය තෝමර් පැවසීය. කොවිඩ් කාලය තුළ කෘෂි ආදාන සැපයුම් දාමය සමඟ කෘෂි වෙළෙඳපොළ ගතිකව පවත්වා ගැනීම සඳහා ඉන්දීය රජයේ විවිධ වැඩපිළිවෙළ කෘෂිකර්මාන්තයට උපකාරී වූ බව හෙතෙම සඳහන් කළේය.

2020-2021 කාලය තුළ ධාන්‍ය ආහාර නිෂ්පාදනය වැඩි කිරීමත් සමඟ අපනයනවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ බව ඔහුයි  පැවසුවේ.

ක්ෂුද්‍ර පෝෂක වලින් පොහොසත් ප්‍රධාන ජෛව ආහාර වේලක වැදගත්කම ඇමතිවරයා G 20 කෘෂිකර්ම ඇමතිවරුන්ට තවදුරටත් දැනුම් දුන්නේය.

මන්දපෝෂණය ඉවත් කිරීම සඳහා ඔවුන් ධාන්‍ය ආහාර ප්‍රවර්ධනය කෙරේ. එවැනි විවිධ භෝග වර්ග 17 ක් සංවර්ධනය කර වගාව සඳහා නිදහස් කර ඇත.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ ඉන්දීය රජය ජල සම්පත් ප්‍රශස්ත භාවිතය ඉහළ නැංවීම, වාරිමාර්ග සඳහා යටිතල පහසුකම් සැකසීම, පොහොර සමබර භාවිතය සමඟ පස සාරවත් බව සුරැකීම සහ ගොවිපල වල සිට වෙළඳපොළට සම්බන්ධතාවය ලබා දීම සඳහා පියවර ගෙන තිබේ.

ප්‍රධාන ඇමති කිසාන් සම්මන් නිධි යෝජනා ක්‍රමය යටතේ රජය කුඩා ගොවීන් සඳහා වසරකට රුපියල් 6,000 ක ආධාරයක් ලබා දෙන බව ඇමතිවරයා පැවසීය.

මෙම යෝජනා ක්‍රමය යටතේ මේ වන විටත් රුපියල් මිලියන 1.58 ක් ගොවීන්ගේ මිලියන 11.37 කට වැඩි සංඛ්‍යාවකගේ බැංකු ගිණුමේ තැන්පත් කර ඇත. දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලු පිළිබඳව ඉන්දියාව සිය කැපවීම් ගැන හොඳින් දන්නා බවත් කෘෂිකර්මාන්තය තිරසාර කිරීම සඳහා පියවර කිහිපයක් ගෙන ඇති බවත් ඔහු කියාසිටියේය.

වාරිමාර්ග සඳහා 'එක් බින්දුවක්-වැඩිපුර බෝග'යෝජනා ක්‍රමය සහ කාබනික ගොවිතැන සඳහා වූ 'පාරම්පරගත කෘෂි විකාස් යෝජනා ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. අහිතකර කාලගුණය ගොවීන්ගේ නිෂ්පාදනයට හා ආදායමට බලපාන අතර, එවැනි අවස්ථාවක ඉන්දීය රජය විසින් ගොවීන් සඳහා රක්‍ෂණ ආවරණයක් සැපයීම සඳහා ප්‍රධාන් ඇමති ෆසල් බිම් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කර තිබේ.

මන්දපෝෂණ ගැටලුව විසඳීම සඳහා ඉන්දියාව ලොව පුරා ඇති විශාලතම ආහාර පදනම් කරගත් ආරක්‍ෂක ජාල වැඩසටහන ක්‍රියාත්මක කරන අතර එයට පොදු බෙදා හැරීමේ පද්ධතිය සහ දිවා ආහාර යෝජනා ක්‍රමය ඇතුළත් බව කෘෂිකර්ම හා ගොවිජන සුබසාධන අමාත්‍යවරයා පැවසීය.