ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදන්වීමට විපක්ෂය ගැනත් සැකයි - චන්න ජයසුමන

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදන්වීමට විපක්ෂය ගැනත් සැකයි - චන්න ජයසුමන

21 September 2021 01:06 pm

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගොනු අතුරුදන් වී තිබීම හේතුවෙන් බාල ඖෂධ වෙළඳපොලට නිකුත්වීමක් හෝ ඖෂධ මිල වැඩිවීමක් සිදුවීමට කිසිසේත්ම ඉඩ නොතබන බවත්, එම කටයුතුවලට අදාල දත්ත ගොනු ආරක්ෂිතව පවතින බවත් ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. සාමාන්‍ය ඔසුසැල් අලුතින් ලියාපදිංචි කිරීමට හා ලියාපදිංචිය අලුත් කිරිමට අදාල දත්ත ගොනු පමණක් මැකී ගොස් ඇති බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව මෙම සිදුවීම හේතුවෙන් කිසිදු පාර්ශ්වයකට කිසිදු ගැටලුවක් ඇති නොවන බවත්, අතුරුදන් වී ඇති දත්ත යළි ප්‍රතිශ්ඨාපය කිරීමේ හැකියාව තිබෙන බවත් ජයසුමන මහතා සඳහන් කරනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත‍ා පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඉතිහාසයේ අන් කවරදාටත් වඩා පසුගිය යහපාලන රජය සමයේදී ඖෂධ මාෆියාවට රිසි සේ කටයුතු කිරීමට ඉඩ ලබාදුන් බව පෙන්වා දෙන චන්න ජයසුමන මහතා පවසන්නේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ඖෂධ මාෆියාවට සම්බන්ධ පුද්ගලයන් දැඩි අර්බුදයට ගොස් ඇති බවයි. මේ නිසා විපක්ෂයේ සහාය ලබන මෙම මාෆියාකරුවන් ඖෂධ නියාම අධිකාරියේ දත්ත පද්ධතියට පහරදී තිබෙන්නේද යන සැකය මතුවන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

UN