වනිඳු IPL චාරිකාව බින්දුවෙන්ම පටන් ගනී

වනිඳු IPL චාරිකාව බින්දුවෙන්ම පටන් ගනී

20 September 2021 08:47 pm

2021 IPL තරගාවලියේ දෙවැනි අදියර ඊයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඊයේ ආරම්භ විය. අද බැංගලෝර් කණ්ඩායම සහ කොල්කටා කණ්ඩායම අතර තරගය පැවැත්වෙමින් තිබේ.

දෙවැනි අදියරේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන වනිඳු හසරංගට සහ දුෂ්මන්ත චමීරට අවස්ථාව හිමි වූ අතර ඔවුන් දෙදෙනාම තෝරා ගත්තේ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම විසිනි.

අද තරගයේදී තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා. මෙය ඔහුගේ මංගල IPL තරගය වන අතර කෙසේ නමුත් ඔහුට පිත්තෙන් දස්කම් දැක්වීමට හැකියාව නොලැබිණි. ඔහු මුහුණ දුන් පළමු පන්දුවේදීම දැවී ගියේ වරුන් චක්‍රවර්ති ඉදිරියේයි. ඒ අනුව වනිඳු සිය IPL චාරිකාව ආරම්භ කරන්නේ 'ගෝල්ඩන් ඩක්' එකකිනි.

බැංගලෝර් කණ්ඩායමේ විරාට් කෝලි කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර මේ වනවිට ඔවුන් ඕවර් 14 ක් අවසානයේදී කඩුලු 07 කට ලකුණු 67 ක් ලබා ගනිමින් දැඩි අසරණ තත්වයකට පත්ව සිටී.

UN