දරුවන්ට ෆයිසර් එන්නත දීමට රජයෙන් තීන්දුවක්

දරුවන්ට ෆයිසර් එන්නත දීමට රජයෙන් තීන්දුවක්

17 September 2021 04:21 pm

වෛද්‍ය විශේෂඥයින්ගේ සහ ලොව වෙනත් රටවල විවිධ වයස් කාණ්ඩයේ දරුවන් සඳහා කොවිඩ් එන්නත ලබා දීම පිළිබඳව ඉදිරිපත් වූ අදහස් සමඟ ඒ සම්බන්ධයෙන් වූ දීර්ඝ සාකච්ජාවකින් පසු වයස අවුරුදු 12ත් 19ත් අතර වයස් කාණ්ඩයේ දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීමට තීරණය කර තිබේ.

අද (17) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදී එම තීරණය ගැනුණු බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

ඒ අනුව වයස 12ත් 19ත් අතර සංජානනීය ආබාධ සහ වෙනත් ආබාධවලින් පෙළෙන දරුවන්ට එලෙස එන්නත පළමු කොටම ලබා දීමට තීරණය වී ඇත.

වයස 15ත් 19 අතර වයසේ පසුවන දරුවන්ටත් ෆයිසර් එන්නත ලබා දීමට තීරණය කෙරුණු බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටින්නේ.

මේ අතර වයස අවුරුදු 15ට අඩු දරුවන් සඳහා එන්නත් දීමට මෙතෙක් නිර්දේශ ලැබී නැති අතර දැනට එන්නත ලබා දීමට  නියමිත දරුවන සඳහා අවශ්‍ය වන එන්නත් ඇනවුම් කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු කර ති බවද ජයසුමන මහතා පවසයි.

ඒ අනුව දරුවන් සඳහා වන මෙම එන්නත්කරණය ඉදිරි සතියක පමණ කාලයකින් පසුව ආරම්භ කිරීමට හැකි වනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.  

ASK