සැප්තැම්බර් 11 ප්‍රහාරයට වසර 20යි - විසිවස් සැමරුමේදී ජනාධිපති ජෝ බයිඩන් එක්සත් වෙන්නැයි ඉල්ලයි

සැප්තැම්බර් 11 ප්‍රහාරයට වසර 20යි - විසිවස් සැමරුමේදී ජනාධිපති ජෝ බයිඩන් එක්සත් වෙන්නැයි ඉල්ලයි

11 September 2021 10:27 am

ලෝකයම සලිත කරවමින් 20001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට අද විසි වසරක් සැපිරෙයි. 

මීට විසි වසරකට පෙර ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට,වොෂින්ටන් නුවර පෙන්ටගන් ගොඩනැගිල්ලට එම ප්‍රහාර අඑල්ල වූ අතර පැහැර ගැනීමට ලක්වු 04 වන ගුවන් යානය පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ වගාබිමකට කඩා වැටී තිබූණි.

එම වැරදි ගිය ඉලක්කය බොහෝ දුරට ධවල මන්දිරය හෝ කැපිටල් ගොඩනැගිල්ල ඉලක්ක වීමට ඉඩ තිබුණු බවයි පසුව ඇමරිකානු ආරක්ෂක අංශ තහවුරු කටගෙන තිබුණේ. 

අල්කයිඩා සංවිධානය විසින් එල්ල කරන ලද මෙම ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 2977 දෙනෙකු සහ අල්කයිඩා සංවිධානයේ සාමාජිකයන් 19 දෙනෙකු මරණයට පත්වුණ බවයි දක්වා තිබුණේ. 

මෙම අවස්ථාව ස්මරණය කරමින් ජනාධිපති ජෝ බයිඩන් සිය ජනතාවගෙන ඉල්ලා තිබුණේ එක්සත්ව සිටින ලෙසයි. 

වීඩියෝ පටයක් නිකුත් කරමින් ජනාධිපති ජෝ බයිඩන මහතා මේ බව පවසා තිබුණු අතර මිය ගිය සිවිල් වැසියන් වෙනුවෙන් ඔහු උපහාර දක්වා තිබේ. 

ASK