පාසල් පද්ධතිය දිවා සුරැකුම් මධ්‍යස්ථාන කරන්නද ඕනේ? ගුරු විදුහල්පති වෘත්තීය සමිති ප්‍රශ්න කරයි (VIDEO)

පාසල් පද්ධතිය දිවා සුරැකුම් මධ්‍යස්ථාන කරන්නද ඕනේ? ගුරු විදුහල්පති වෘත්තීය සමිති ප්‍රශ්න කරයි (VIDEO)

6 September 2021 06:19 pm

රු. 1000ක්‌ 3000ක් 5000ක් පෙන්වා ගුරු විදුහල්පතිවරු ගොනාට අන්දා මේ ප්‍රශ්නය විසඳිය නොහැකි බව ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්  සංජිව බණ්ඩාර මහතා අවධාරණය කළේය. 

ඒ අද (06) කොළඹදී පැවති ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

මෙරට පාසල් පද්ධතිය දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යා යුතුද නැත්නම් දරුවන්ට හොඳම අධ්‍යාපනයක් ලැබෙන ලෙස අධ්‍යාපන පද්ධතිය වෙනස් විය යුතු නොවේද යන්නයි ඔහු මෙහිදී දෙමව්පියන්ගෙන් විමසා සිටියේ. 

කෙසේවෙතත් ආණ්ඩුවට මේ ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය නැති අතර එයට හේතුව වන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නිදහස් අධ්‍යාපනය රැකීම නොවන නිසා යැයි හෙතෙම සඳහන් කරන ලදී. 

ආණ්ඩුව අවශ්‍ය වන්නේ කොතලාවල විශ්ව විද්‍යාල පනත සම්මත කර පෞද්ගලික පාසල් පද්ධතියක් ආරම්භ කිරීම බවයි සංජිව බණ්ඩාර මහතා මෙහිදී තවදුරටත් කියා සිටියේ. 

ඒ අනුව අද කැබිනට් මණ්ඩල රැස්වීමේදී හෝ ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳීම සඳහා සුබෝධනි කමිටු වාර්තාව පදනම ලෙස ගෙන පිළිගත හැකි විසඳුමක් ගන්නා ලෙසයි මෙම ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටියේ. 

ASK