ගිනියාවේ ජනාධිපති බලයෙන් පහ කරයි - බලය හමුදාව අතට

ගිනියාවේ ජනාධිපති බලයෙන් පහ කරයි - බලය හමුදාව අතට

6 September 2021 11:03 am

බටහිර අප්‍රිකානු රටක් වන ගිනියාවේ බලය එරට හමුදාව විසින් අත්පත් කරගෙන තිබෙනවා. ඊයේ දිනයේදී ජනාධිපතිවරයා බලයෙන් පහකර ඇති අතර හමුදා කුමන්ත්‍රණයට නායකත්වය දුන් හමුදා නිළධාරීන් ජාතිය අමතමින් පවසා තිබෙන්නේ ආණ්ඩුව සහ ව්‍යවස්ථාව වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැර ඇති බවයි.

හමුදා ප්‍රධානියෙකු වන Mamady Doumbouya පවසන්නේ රට දරිද්‍රතාවයේ ගිලීයාම සහ බරපතල දූෂණ චෝදනා හේතුවෙන් ජනාධිපති ඇල්පා කොන්ඩේ බලයෙන් පහ කිරීමට සිදු වූ බවයි. නව පාලනයක් ස්ථාපිත කරන බවත්, නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

මේ වනවිට රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති අතර ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන් හමුදා කුමන්ත්‍රණකරුවන් විසින් රඳවාගෙන සිටින බවද වාර්තා වේ.

කෙසේ නමුත් මෙම කුමන්ත්‍රණය සඳහා සීමිත ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් පමණක් සම්බන්ධ වී ඇති අතර මේ නිසා කුමන්ත්‍රණය අසාර්ථක බවටද වාර්තා වී තිබෙනවා. එරට ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කරන්නේ කුමන්ත්‍රණකරුවන් පරාජයට පත් කිරීමට සමත්ව ඇති බවයි.

UN