පැරාලිම්පික් රන් දිනූ දිනේෂ්ට ක්‍රිකට් ආයතනයෙනුත් කෝටියක මුදල් තෑග්ගක්

පැරාලිම්පික් රන් දිනූ දිනේෂ්ට ක්‍රිකට් ආයතනයෙනුත් කෝටියක මුදල් තෑග්ගක්

3 September 2021 02:01 pm

ටෝකියෝ පැරාලිම්පික් ‍ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසි කිරීමේ (F46) තරග ඉසව්වේදී ලෝක වාර්තාවක්ද සමගින් රන් පදක්කම දිනාගත් දිනේෂ් ප්‍රියන්තට රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් සිටිනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවෙන්ද මේ සඳහා අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව හෙල්ල විසි කිරීම F64 කාණ්ඩයෙන් ලෝකඩ පදක්කමක් හිමිකර ගත් දුලාන් කොඩිතුවක්කුට ලක්ෂ 10 ක් ලබාදීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

දිනේෂ් ප්‍රියන්තට කෝටි 05 ක් සහ දුනාල් කොඩිතුවක්කුට කෝටියක් ලබාදීමට මේ වනවිටත් ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර ඇති අතර මීට අමතරව ජාතික තරුණ සේවා සභාවද මුදල් ත්‍යාග ලබාදීමට ඉදිරිපත්ව සිටිනවා.

UN