වියත්මගේ තවත් ප්‍රධානියෙක් රාජ්‍ය ආයතනයකින් දොට්ට!

වියත්මගේ තවත් ප්‍රධානියෙක් රාජ්‍ය ආයතනයකින් දොට්ට!

29 July 2021 11:10 am

නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාවේ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ මහාචාර්ය රංගික හල්වතුර මහතා අදාල තනතුරින් ඉවත් කර ඇතැයි වාර්තා වේ. නීතිවිරෝධී පත්කිරීම් හා අයථා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති අතර අදාල චෝදනා මත හල්වතුර මහතා ඉවත් කර තිබෙනවා.

රංගික හල්වතුර මහතා ඉජිනේරු විෂය සම්බන්ධයෙන් මෙරට ලාබාළතම මහාචාර්යවරයා වන අතර වියත්මග සංවිධානයේ ප්‍රබලයෙකු ලෙසද කටයුතු කළේය.

හල්වතුර මහතා 2019 වසරේ පළමුවරට නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාවේ කොමාරිස් ධුරයට පත් වූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2020 මාර්තු මාසයේදී නැවතත් ඔහු එම තනතුර පත් කළේය. මෙම කොමිසම රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මියගේ අමාත්‍යංශයට අයත් ආයතනයකි.

නව නිපැයුම් 14 ක් සඳහා පේටන්ට් බලපත්‍ර ලබාගෙන ඇති හල්වතුර මහතා ලෝකයේ තරුණ විද්‍යාඥයා ලෙසද සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

UN