හරීන් වෙනුවෙන් සජබ පෙරට !

හරීන් වෙනුවෙන් සජබ පෙරට !

28 July 2021 10:17 pm

හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් තමන්ද, තම පක්ෂයද නිරන්තරයෙන්ම පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මෙවැනි බාධා කිරීම් තුළින් හරීන්ගේ හෝ පක්ෂයේ ගමන අවහිර කළ නොහැකි බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා.

විපක්ෂ නායකයා මේ බව සඳහන් කළේ හරීන් ප්‍රනාන්දු මහතා සමග අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදීය. සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, මාධ්‍ය ප්‍රකාශක මනූෂ නානායක්කාර ඇතුලු කිහිප දෙනෙක්ම එම අවස්ථාවට එක්ව සිටියහ.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් ලබාදීම පසෙක තබා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් දඩයම් කිරීමට සූදානම් වන බවයි විපක්ෂ නායකයා වැඩිදුරටත් පවසන්නේ. ඒ සඳහා කිසිසේත් ඉඩ නොතබන බවත්, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දඩයම් කිරීමට ඉඩ නොතබන බවත් ඔහු සඳහන් කරනවා.

UN