තවත් කොවිඩ් මරණ 45ක්. තුන්වැනි රැල්ලේ කොවිඩ් මරණ සංඛ්‍යාව 3500 ආසන්නයේ

තවත් කොවිඩ් මරණ 45ක්. තුන්වැනි රැල්ලේ කොවිඩ් මරණ සංඛ්‍යාව 3500 ආසන්නයේ

26 July 2021 06:06 am

තවත් කොවිඩ් - 19 වෛරස් ආසාදිත රෝගීන් 45 දෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ (25) නිවේදනය කර තිබිණි. 

ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4099ක් දක්වා ඉහළ ගොස් ඇත. 

සිංහල - දෙමළ අලුත් අවුරුදු දිනය වූ අප්‍රේල් 14 වනදා අවසන් වනවිට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව පැවතියේ 604ක් වශයෙනි. ඒ අනුව මෙරට තුන්වැනි රැල්ලේ තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට 3495ක් වේ. 

RN