කැපිටල් මහරාජා සභාපතිවරයාගේ අභාවය පිළිබඳ විපක්ෂ නායකයා නිකුත් කළ නිවේදනය

කැපිටල් මහරාජා සභාපතිවරයාගේ අභාවය පිළිබඳ විපක්ෂ නායකයා නිකුත් කළ නිවේදනය

25 July 2021 03:40 pm

MTV/MBC මාධ්‍ය ජාලය ඇතුළු කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්. රාජාමහේන්ද්‍රන් මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.

රාජාමහේන්ද්‍රන් මහතාගේ අභාවය පිළිබඳව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ශෝකය ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

තමන් විස්වාස කරන දර්ශනය හා ප්‍රතිපත්ති වෙනුවෙන් නොබියව පෙනී සිටි රාජාමහේන්ද්‍රන් මහතා එල්ල වූ අභියෝග හමුවේ ඉන්ද්‍රකීලයක් සේ නැගී සිටිමින් ඒවාට මුහුණ දුන් බවයි සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ. මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවයක් සිදු කිරීම සඳහා මූලිකත්වය ගත් කැපිටල් මහරාජා සභාපතිවරයා ඉන් නොනැවතී ජනමාධ්‍ය භාවිතා කරමින් සමාජ මෙහෙවරක නිරතවීමද කැපී පෙනෙන බව විපක්ෂ නායකයා සඳහන් කරනවා. 

UN