කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ලොව අංක එකේ ගොල්ෆ් ක්‍රීඩකයාට ඔලිම්පික් මගහැරෙයි

කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ලොව අංක එකේ ගොල්ෆ් ක්‍රීඩකයාට ඔලිම්පික් මගහැරෙයි

25 July 2021 02:56 pm

ලෝක ගොල්ෆ් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ සිටින ස්පාඤ්ඤ ගොල්ෆ් ශූර ජොන් රහ්ම් ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගි නොවන බව ස්පාඤ්ඤ ඔලිම්පික් කමිටුව නිවේදනය කරනවා. ඊට හේතු වී තිබෙන්නේ ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමයි.

ස්පාඤ්ඤ ගොල්ෆ් ශූරයා මේ වනවිට එක්සත් රාජධානියේ රැඳී සිටින අතර ටෝකියෝ වෙත පැමිණීමට පරෙ PCR පරීක්ෂණ 04 ක් සිදුකර තිබෙනවා. පිටපිටම පරීක්ෂණ 03 කදී ඔහුගේ තත්වය ධනාත්මක වී ඇති බවයි වාර්තා වන්නේ.

2021 ඕස්ට්‍රේලියානු විවෘත ගොල්ෆ් ශූරතාවයද හිමි කරගෙන සිටින ජොන් අහිමි වීම ස්පාඤ්ඤයට දැඩි අවාසියක් වේ. ඔහු තරගාවලියට සහභාගි නොවීම යනු අනිවාර්ය ඔලිම්පික් රන් පදක්කමක් අහිමි කර ගැනීමයි.

පිරිමි ගොල්ෆ් තරගය ලබන බ්‍රහස්පතින්දා ආරම්භවීමට නියමිත අතර 2020 ඇමරිකානු විවෘත ශූරතාවය දිනාගත් ඇමරිකානු ගොල්ෆ් ශූර බ්‍රේසන් ඩි'චැම්බෙව් ද ඊට එක් නොවන බව පසුගිය සෙනසුරාදා ඇමරිකානු බළධාරීන් ප්‍රකාශයට පත්කර තිබිණි. බ්‍රේසන් ටෝකියෝ වෙත පැමිණීමෙන් පසුව, ඔහු කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව පිරිමි ගොල්ෆ් රන් පදක්කම සඳහා තරගය ආරම්භ වන්නේ ප්‍රධානතම තරගකරුවන් දෙදෙනෙකු නොමැතිවයි.

UN