ඩොලර් සංචිත අර්බුදයට විසඳුමක් ලෙස යුආන්වලට හැරෙයි - චීනයෙන් යුආන් බිලියන 10 ක ණයක් !

ඩොලර් සංචිත අර්බුදයට විසඳුමක් ලෙස යුආන්වලට හැරෙයි - චීනයෙන් යුආන් බිලියන 10 ක ණයක් !

13 July 2021 02:00 pm

ශ්‍රී ලංකාව සතු ඩොලර් සංචිත ක්ෂය වීමේ දැවැන්ත අර්බුදයකට මේ වනවිට රජය මුහුණ දී සිටිනවා. මේ නිසා සුඛෝපභෝගී භාණ්ඩ පමණක් නොව ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩ පවා ආනයනය සීමා කිරීමට පසුගිය කාලයේදී තීරණය කළේය.

එය තාවකාලික විසඳුමක් පමණක් වූ අතර ඉදිරියේදී ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ආපසු ගෙවීමට සිදුව තිබෙනවා. අතර මෙම තත්තවය මත ඩොලර් සංචිත හිගය තවදුරටත් අර්බුදයට ගොස් තිබේ.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ ඩොලර් සංචිත අර්බුදයට විසඳුමක් ලෙස චීන යුආන් මුදල් ඒකකය භාවිතා කිරීම පිළිබඳව සලකා බලමින් සිටින බවයි. යුආන් මුදල් ඒකකය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් සංචිත මුදල් ඒකකයක් ලෙස පිළිගෙන ඇති බවයි කබ්රාල් මහතා පෙන්වා දෙන්නේ.

ඒ අනුව යුආන් බිලියන 10 ක ණය මුදලක් චීන රජයෙන් ලබා ගැනීමේ සඳහා සූදානම් වන අතර එය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 කට ආසන්න අගයකි. මේ දක්වා එම මුදල ලබාගෙන නොමැති අතර, අවශ්‍ය ඕනෑම මොහොතක එම යුආන් බිලියන 10 විදේශ සංචිතවල එකතු කරගත හැකි බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ යහපාලන රජය සමයේදී වැඩි වශයෙන් විදේශ ණය ලබාගැනීම නිසා ඊට අදාල වාරික ගෙවීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත වැඩි ප්‍රමාණයක් වෙන් කිරීමට සිදුව ඇති බවයි.

UN