දැඩි රත්රන් හිගයක් - රත්රන් ගිණි ගණන් !

දැඩි රත්රන් හිගයක් - රත්රන් ගිණි ගණන් !

7 July 2021 02:58 pm

මේ වනවිට දේශීය වෙළඳපොල තුළ රන් පවුමක මිල රුපියල් 124,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු සියලු භාණ්ඩවල මිල දිනෙන් දින ඉහළ යද්දී ඊටත් වඩා වේගයකින් රත්රන් මිල ඉහළ ගොස් තිබේ.

ඊට හේතු වී තිබෙන්නේ රන් ආභරණ නිෂ්පාදකයන් ඔවුන් සත් රත්රන් තොග සඟවා තබා ගනිමින් සීමිත ප්‍රමාණයක් පමණක් වෙළඳපොලට නිදහස් කිරීමයි. රජය මගින් පනවා ඇති සීමා හේතුවෙන් රත්රන් ආනයනය සීමා වී ඇති අතර රට තුළ පවතින රත්රන් තොග සඟවා තබා ගැනීම නිසා දැඩි රන් හිගයක් ඇති වී තිබේ.

කෙසේ නමුත් රජයේ පාර්ශ්වය පවසන්නෙ මෙම හිගය තාවකාලික එකක් බවයි. රත්රන් ආනයනය සඳහා බලය ඇති එකම නියෝජිතයා වන මහ බැංකුව ඉදිරියේදී රටට අවශ්‍ය රත්රන් ආනයනය කිරීමට කටයුතු කරන බවත්, ඒ අනුව දැනට මතුව ඇති හිගය පහව යනු ඇති බවත් පවසනවා. ඒ අනුව ඉදිරියේදී රන් මිල නැවත පහත වැටෙනු ඇති බවද රජය පවසනවා.

UN