ඩෙල්ටා බවට සැක තවත් ආසාදිතයෙන් හමුවෙයි

ඩෙල්ටා බවට සැක තවත් ආසාදිතයෙන් හමුවෙයි

21 June 2021 01:26 pm

ඉන්දීය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය බවට සැක කරන ආසාදිතයෙකු මාදිවෙල ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා. මෙම පුද්ගලයා මාදිවෙල ප්‍රගතිපුර පදිංචි අයෙකු බවයි වාර්තා වන්නේ.

මේ වනවිට අදාල ආසාදිතයාගේ ජෛව පටල සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවයි සෞඛ්‍ය බළධාරීන් පවසන්නේ.

මෙම ආසාදිතයා හඳුනා ගත් ප්‍ර‍දේශයේ රෝග පාලනය සඳහා කඩිනම් හා විශේෂ පියවර ගෙන ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ‍හේරත් මහතා පවසන්නේ.

පසුගියදා දෙමටගොඩ ආරාම පාර ප්‍රදේශයෙන් ඩෙල්ටා ආසාදිතයන් 05 දෙනෙක් හඳුනාගෙන තිබිණි.

UN