ජපානය වෙත පැමිණි උගන්ඩා ඔලිම්පික් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට කොරෝනා

ජපානය වෙත පැමිණි උගන්ඩා ඔලිම්පික් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට කොරෝනා

21 June 2021 11:16 am

ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගිවීමට ජපානය වෙත පැමිණ සිටින උගන්ඩා ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ක්‍රීඩකයන් අතරින් කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගත් පළමු පුද්ගලයා මෙම ක්‍රීඩකයායි.

විශේෂත්වය වන්නේ මෙම ක්‍රීඩකයා ඇතුළු සමස්ත උගන්ඩා ඔලිම්පික් කණ්ඩායමම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් ප්‍රතිශක්ති එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අයෙකු වීමයි.

උගන්ඩාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු ජපානයේ නරීටා ගුවන් තොටුපලට පැමිණි අතර එහිදී සිදුකළ පරීක්ෂණයේදී මෙම කොවිඩ් ආසාදිතයා හඳුනාගෙන තිබෙනවා.

උගන්ඩා කණ්ඩායමේ සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ වනවිට ජපානයේ ඔසාකා නුවර බලා පිටත්ව ගොස් ඇති අතර ඔවුන් එහිදී සිය පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතය.

UN