ඔය කැස්බෑ මළසිරුරු ඉන්ටනෙට් එකෙන් අරන් දාපුවා. ඕකෙ ඇත්තක් නෑ - ධීවර ඇමති ඩග්ලස්

ඔය කැස්බෑ මළසිරුරු ඉන්ටනෙට් එකෙන් අරන් දාපුවා. ඕකෙ ඇත්තක් නෑ - ධීවර ඇමති ඩග්ලස්

21 June 2021 08:29 am

එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්න නිසා කැස්බෑවුන් විශාල ප්‍රමාණයක් මියැදී ඇතැයි පළවන පුවත්වල සත්‍යතාවක් නොමැති බවත් මාධ්‍යවල පළ කෙරෙන්නේ අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූප බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි. 

පසුගිය දිනවල උතුරු වෙරළ තීරයට ගොඩගැසූ සමුද්‍ර ජීවීන් පිළිබඳව විමසීමේදී ඒ මහතා පෙරළා ප්‍රශ්න කළේ "දකුණු ප්‍රදේශවලත් ලොකුවට එවැන්නක් සිදුවන්නේ නෑ. එහෙම නම් කොහොමද උතුරු වෙරළේ එහෙම සිද්ධ වෙන්නෙ ?" යනුවෙනි. 

මේ වනවිට 40කට අධික කැස්බෑවුන් ප්‍රමාණයක් ගොඩගසා ඇති බව පෙන්වා දීමේදී ඒ මහතා "ඒක නිකම් එක් එක් අය අන්තර්ජාලයෙන් අරගෙන පළ කරන ඒවා. ඒකෙ සත්‍යතාවයක් නෑ" යැයි ප්‍රකාශ කළේය. 

ඩග්ලස් දේවානන්දා මහතා මේ බව පැවසුවේ ඊයේ (20) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. 

RN