කුඩු ජාවාරම් කළ පොලිස් SI වරයෙක් ඇතුළු තිදෙනෙකු හෙරොයින් කිලෝ 52ක් සමග අත්අඩංගුවට !

කුඩු ජාවාරම් කළ පොලිස් SI වරයෙක් ඇතුළු තිදෙනෙකු හෙරොයින් කිලෝ 52ක් සමග අත්අඩංගුවට !

19 June 2021 07:30 am

ගාල්ල, හික්කඩුව සහ බද්දේගම යන ප්‍රදේශවල සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් ජාවාරමේ නිරතවූ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු තිදෙනෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 52ක් සමග අත් අඩංගුවට ගෙන තිබේ. 

මෙම සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මූලස්ථානයේ අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් ඊයේ (18) සිදුකරන ලද වැටළීමකදීය. 

සැකකරුවන් අතර සිටින පොලිස් නිලධාරියා දකුණු කළුතර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකි. මත්ද්‍රව්‍ය ජාවාරමට යොදාගත් වාහන 2ක් ද මෙහෙයුමේදී පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්. 

පොලිස් මූලස්ථානයේ අපරාධ නිවාරණ කොට්ඨාශයට ලැබුණු තොරතුරක් අනුව සති තුනක් පමණ තිස්සේ කළ විමර්ශනයකින් අනතුරුව මෙම වැටළීම් සිදුකර ඇති බව වාර්තා විය. 

RN