කහතුඩුවේදී රු.කෝටි එකහමාරක් වටිනා හෙරොයින් තොගයක් සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට

කහතුඩුවේදී රු.කෝටි එකහමාරක් වටිනා හෙරොයින් තොගයක් සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට

16 June 2021 04:20 pm

පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකදී රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා හොරොයින් තොගයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු කහතුඩුව ප්‍රදේශයේදී අද  (16) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලේ 1 ග්‍රෑම් 435ක් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරින් නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත සිදු කළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය සැකකරුවන් ඇතුළු අනෙකුත් භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා කහතුඩුව පොලිසිය භාර දී ඇත.